(ළහිරු හර්ෂණ)
කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදනය වීමෙන් ජාතික බෝවන රෝග විද්යායතනයේෙ ප්‍රතිකාර ලබමින් සිටි චීන ජාතික කාන්තාව වන ලිඕ යාන් (43) මහත්මිය සම්පූර්ණයෙන්ම සුවය ලබා අද (19) රෝහලෙන් පිටවගියාය.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා සහ ඇයට ප්‍රතිකාර කළ රෝහල් කාර්ය මණ්ඩලය ඉතා සුහදශීලී අයුරින් ඇයට සමුදුන්නේය.
එහි අවස්ථා වීඩියෝ සහ ඡායාරූපයන්හි දැක්වේ.
( ඡායාරූප - ළහිරු හර්ෂණ, වීඩියෝ ශාන්ත සෙනවිරත්න )








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ ගිහින් කොරෝනා හදාගෙන ආපහු මෙහෙ එයිද ?
චීන කාන්තාවත් දැන් මානසිකව අවුල් වෙලා ඇති මේ විකාර දැකලා.
මේ වගේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් කරන මේ විගඩම් ගැන නම් බොහෝම කණගාටුයි! අපිට මේ වගේ තත්වයකින් මිදිලා පරිනත රටක් -රාජ්‍යක් වෙන්න බැරි ඇයි! (මේ චින කාන්තාවට කොරොනා තිබුනා කියලා චින රජය නිල වශයෙන් පිලිගත්තේ නෑ!)
අපිට ලෙඩක් හැදුනමත් දොස්තර නෝනලා, නර්ස් නෝනලා ඉඹලා තමයි බෙහෙත් දෙන්නේ, ඒත් හැබැයි රෝහලේ බෙහෙත් තිබ්බොත් දොස්තර උතුමන්ලාවේ චැනල් කරලා අල්ල ගත්තොත් ඒක පුරුවේ වාසනාවක්.
ආයේ ණය ගන්න එක අපට ප්‍රශ්නයක් නැහැ.
බුදු අම්මෝ පුදුම ආතල්. කමෝන් ශ්‍රී ලංකා. පුදුමෙ තමයි කවූරු හරි ඇමති කෙනෙක් කසාද බදින්න කතා කළේ නැති එක. කොරෝනා හැදිලා තිබුන්නැති හින්ද තමයී ඔය සැළකිල්ල. කොරෝනා හැදිලා තිබ්බනම් ඔය සෙට් එක ඉන්නේ ඇදන් යට. අම්මට ඒඩ්ස් කියලා දුවට පාසලට යන්න දුන්නේ නැති මිනිස්සු ඉන්න රටක්නේ මේක. ලංකාවෙ රෝහල්වල ඉන්නේ සහ වැඩ කරන්නෙ රෝගීන්ගේ දුක දැක්කම හදවත එළියට පනින නෝනා මහත්වරු. චීන්නු මේවා දැනගත්තොත් අපේ මිනිස්සුන්ට යන්න වෙන්නෙ සිංගප්පුරුවෙ එළිසෙබෙත් තමයි.
චීන්නු මේවා දැකලා එහෙ ඉන්න ලෙඩ්ඩු ටික මෙහාට එවයිද දන්නේ නෑ.
අපිට මොන මොන දේශපාලන අදහස් තිබුණත් ඒ චීන කාන්තාවගේ සුවය වෙනුවෙන් මෙරටේදී ලැබුණු ප්‍රතිකාර සත්කාර සියල්ල වෙනුවෙන් අපගෙ රජයේ රෝහලක වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලයට අපි ස්තුති කරමු ඔවුන්ගේ කැපවීම අගේ කරමු. මෙතරම් දරුණු මුළු ලොවම බිය වී ඇති මේ රෝගය වැළදුණු චීන කාන්තාවක් අපගේ රටේදී සම්පුර්ණ සුවය ලබා පිටවී යාම ගැන අපි සතුටු වෙමු.
ඇමතිවරු, දොස්තරවරු , හෙදියන් සහ සාත්තු සේවකයන් චීන්නුන්ට දක්වන මේ ආදරය කරුණාවෙන් 10 % ක් වත් ලංකාවේ දුප්පත් රෝගීන්ටත් දක්වනවානම් අපි කොතරම් වාසනාවන්තද ?
ඇත්තටම මෙයාට වයස අවු 43ක් වෙනවද?. මට හිතෙන්නේ මෙයා මාධ්‍ය සංදර්ශනය වෙනුවෙන් යොදාගත්ත නිළියක්. පවිත්‍රා මහත්මියට සිපගන්න කෙනෙක් ඕනි වෙන හින්දා වෙන ආදේශක නිළියක් යොදාගන්න ඇති මම හිතන්නේ.