පස්වතාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ අමාත්‍ය ධුරය සහ ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වය හෙබ වූ එම්. කරුණානිධි මහතා අද (7) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
අසනීප තත්ත්වය නිසා රෝහල් ගත කර සිටි හෙතෙම මිය යනවිට 94 වැනි වියේ පසුවිය. එම්. කරුණානිධි මහතා තමිල්නාඩු ප්‍රාන්තයේ කාවේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ තත්ත්වය බරපතළ යැයි එම රෝහල අද (7) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන් පැය කිහිපයකට පසු පස්වරු 6 45ට නිවේදනයක් නිකුත් කරමින් එම්. කරුණානිධි මහතා අභාවප්‍රාප්ත වූ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් දැරූ ප්‍රතිපත්ති වෙනුවෙන් එඩිතරව ක්‍රියා කල ඉන්දියානු දේශපාලකයෙකුගේ අභාවය ගැනේ අපේ ශෝකය.