(නිමන්ති රණසිංහ)
මන්තී‍්‍ර වරප‍්‍රසාද යටතේ ලබාදී තිබූ රුපියල් කෝටි 9ක වටිනාකමකින් යුත් ලියාපදිංචි නොකළ වෙඩි නොවදින ජීප් රථයක් ආපසු භාරනොදී සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් ”කරුණා අම්මාන්” මහතා සම්බන්ධ නඩුවේ විමර්ශන අවසන් කර උදෘත නිතිපතිවරයා වෙත යොමු කර ඇතැයි රහස් පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත අද (24) කරුණු වාර්තා කළේය.
නඩුව යළි කැදවූ අවස්ථාවේදී විනයාගමූර්ති මුරලිදරන් මහතා ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා රුපියල් ලක්ෂ 10ක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හරින ලැබුවේ ඉකුත් දෙසැම්බර් 7 වැනිදාය.
සිද්ධියට අදාළ නඩුව යළි ලබන සැප්තැම්බර් මස 06 වැනිදා යළි කැදවීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය බලය ලබගන්නකොට වේදිකාවල පතුරු ගහපු එකක් තමයි කරුණ නිදැල්ලේ . බලන්න තාමත් හිටියවගේ නිදැල්ලේ . අවුරුදු තුනකට කිට්ටු වෙනවා.