( ළහිරු හර්ෂණ )
වත්කම් ප්‍රකාශයට පත්නොකළ කැබිනට් ඇමතිවරු 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
කැබිනට් අමාත්‍ය වරුන් වන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, රවී කරුනානායක, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, එම්.එච්.ඒ හලීම් යන අමාත්‍ය වරුන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
2019 අගෝස්තු 20 වන විට 2018/19 වර්ෂ වලට අදාලව සිය වත්කම් බැරකම් ප්‍රකාශනයට පත්කළ යුතු උවද වත්කම් බැරකම් ප්‍රකාශන නීතියෙහි 4 (a) (ii) කොටසට අනුකූලව සියලූම කැබිනට් ඇමතිවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතුය.
නමුත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2019 ගෝස්තු මස 28 වැනි දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇත්තේ 2019 අගෝස්තු මස 20 වැනි දින වනවි ටද කැබිනට් ඇමතිවරු 8 දෙනෙකු තම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට කියන්න පුළුවන් මම දන්නේ නැහැ, එහෙම නැත්නම් මට මතක නැහැ කියල.
අයියෝ මොකක්ද ඉතින්? දඩය රුපියල් 1000/= නේ.
දැන් බලද්දී හොරු අල්ලන්න අපු කට්ටියනේ , රටටම හොරකම් කරන්නේ . ජනාධිපති අපේක්ෂකයෙකුත් ඉන්නවා නේද ? හොරුන්ගෙත් හොරු කම්බ හොරු .
වත්කම් බැරකම් හෙළි කලොත් අහුවෙනවා. පහුගිය ටිකේ සමහර උදවිය රෑ නිදියගත්ත තැන් පවා අමතක වෙලා කියලා වක්‍රාකාරව කියා තිබුනේ. අනේද කියන්නේ .........
ඔය 225ම හොරු. ඊට පසු පළාත් සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා, රාජ්‍ය සේවකයින් (විශේෂයෙන් ඉහල තනතුරු දරන පුද්ගලයින්) යන එකී මෙකී අය බොහොමයක් හොරු. සල්ලිවලට, බලයට සහ පුහු මහන්තත්වයට මල පෙරේතයන් වගේ. මැරෙන කොට තමන්ට අයිති අඩි 6ක බිම් කැබැල්ලක් විතරමයි. සමහර අයට එ්කත් වැඩි වුණා බෝම්බ හින්දා.. කොයි කෑම කෑවත් උගුරෙන් පල්ලයාට යනකොට ජරාව. ඒ යතාර්ථය තේරුම් ගන්න බැරි මේ නරුමයන් තමන්ගේ බල ප්‍රදේශයෙන් උපන් ඇඳුමින්ම ඉතා ඉක්මණින් පන්නන්න ඕනේ.
ඔය ඔක්කොම සෙල්ලම් මේ ආණ්ඩුව තියනකම් කරයි. ඒකාධිපතියෙක් පත්වුණු දාට ඔය පැමිණිලි කරන කාටත් සුදුවෑන් තමයි.
නැතිනම් ඡන්දෙ කිට්ටුවෙනකොටම මේවා මේ උදවියට මතක් වෙන්නේ මොකද?
අපේ නව ජනදිපතිත් ඔතන ඉන්නවා නේද......ඔය දෙයින් වෙන්නේ ආර්යාවට නින්දාවක් නේද.........එය දුකට කාරණාවක්....එතකොට නිදන් හරපුව ගැන තොරතොරු හොයන නැද්ද....
කොහෙද ඉතිං වත්කම් බැරකම් ලේඛන වල පුරවනවාට වඩා වත්කම් බැරකම් තියෙනවා ලේඛනයේ ඉඩමදියි ඇමුණුම් සහිතව තමයි ඔය ඇමතිවරුන්ට ඉදිරිපත් කරන්න වෙන්නේ එකටත් පිටු 200ක්වත් යන්න පුළුවන් අපේ ඩොකෙක්ගේ කොච්චර වත්කම් තියෙනවාද එවා පුරවන්නම සැහෙන්න ඇමුණුම් යනවා ඉතිං මං නම් එහෙම අමුණන්නේ නැහැ ඇමතිවරුන් හොරාකාපූ ගණන් ඇමතිවරුන් දන්නේ නැතිනිසා පුරවන්නම අමාරුයි
ඔය 225ම හොරු. ඊට පසු පළාත් සභා, මහා නගර සභා, ප්‍රාදේශීය සභා, රාජ්‍ය සේවකයින් (විශේෂයෙන් ඉහල තනතුරු දරන පුද්ගලයින්) යන එකී මෙකී අය බොහොමයක් හොරු. සල්ලිවලට, බලයට සහ පුහු මහන්තත්වයට පෙරේත මල පෙරේතයෝ. මැරෙන කොට තමන්ට අයිති අඩි 6ක බිම් කැබැල්ලක් විතරමයි. සමහර අයට එකත් වැඩි වුනා බෝම්බ වලට පින් සිද්ධවෙන්න. කොයි කෑම කෑවත් උගුරෙන් පල්ලයාට යනකොට ජරාව. ඒ යතාර්ථය තේරුම් ගන්න බැරි මේ නරුමයන් තමන්ගේ බල ප්‍රදේශයෙන් උපන් ඇදුමින්ම ඉතා ඉක්මනින් පන්නන්න ඕනේ.
අනේ ප්‍රකාශ කරන්න තරම් පෞද්ගලික වත්කමක් නැතුව කොහොම මොනවා ප්‍රකාශ කරන්නද දෙයියනේ? ඔක්කොම මහජන දේපල නොවැ.