(කාංචන කුමාර ආරියදාස )
ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් ඉන්ධන ලබා ගැනීම සඳහා දඹුල්ල ඉන්ධන පිරවුම්හලකට පැමිණි මවක් ඉන්ධන ලබාගැනීමට ප්‍රමාද වීමෙන් උරණ වී සිය දරුවාද එහි දමා යතුරුපැදිය පණ ගන්වා පිටව ගොස් ඇත. එම සිද්ධිය පිරවුම්හලේ ආරක්‍ෂිත කැමරා දෙකක සටහන්වී තිබිණි.
පස්වරු හතට විනාඩි කීපයක් තිබියදී කුඩා දියණියක් ද සමගින් යතුරු පැදියකට ඉන්ධන ලබාගැනීමට මේ කාන්තාව පැමිණෙන විටත් පිරවුම්පලේ වාහන කීපයක් තිබිණි. ඇයගේ වාරය එනතුරු සිටියදී වෙනත් ත්‍රීරෝද රථයක් පැමිණ එම යතුරු පැදියට ඉදිරියෙන් නවතනු ලබයි. ඉන්ධනහලේ සේවකයා ඇගේ යතුරුපැදියට ඉන්ධන ලබාදීමට පෙර ත්‍රීරෝද රථයට ඉන්ධන දීම නිසා උරණවූ කාන්තාව වහා සිය යතුරු පැදිය පණ ගන්වා පවනට බදු වේගයෙන් පිටව යන්නට ගියේ තමන් සමග පැමිණි කුඩා දියණිය ද අමතක වීමෙනි.
දරුවා යතුරු පැදිය පිටුපසින් මීටර් 300ක් පමණ දිව යද්දී ඉන්ධනපොලේ සේවකයන් හා අවට සිටි පිරිස් කෑ කෝ ගසා මවගේ යතුරුපැදිය නවතා දියණිය රැගෙන යන ලෙස දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මින්නිස්සුන්ට විනයක් නෑ. තමන් පස්සේ ආවානම් පස්සෙන් ඉන්න ඕනේ.මෙතන ත්‍රිරෝදකාරයයි තෙල් ගහපු එකයි දෙන්නම හරක්.
ත්‍රීවීල්කරැවෝ කියන්නේ කිසිම හැදියාවක් නැති පිරිසක්. එනිසා තමා ලංකාවේ බොහෝ පුද්ගලික ආයතන ත්‍රීවීල්කරැවෙන්ගේ දරැවන් රැකියා වලට බදවාගැනීම් නවත්තලා තියෙන්නේ.
ඒ කාන්තාවට උරණ වීමට සිදුවීම සාධාරනයි... හේතුව ත්‍රී වීල් කාරයෝ පුදුම අය අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැති අය වගේම තෙල් ගහන අයත් ඒ වගේමයි. බලන්නේ නැ කව්ද ඉස්සරවෙලා අවේ කියල ඒ අනුව ගහන්න.
ත්‍රීවීලර් කාරයොයි, පෙට්රෝල් ෂෙඩ් වල වැඩ කරන අට පාස් නැති දෙගොල්ලම එකයි ,රුපියල් සීයේ පෙට්රෝල් ගහන්නේ ,කිසිම දවසක ෆූල් ටෑන්ක් ගහනවා දැකල තියෙනවද, මේ දෙගොල්ලම කරන්නේ මිනිස්සුන්ගේ කාලේ කන එක
ඩිවොර්ස් සයිකලේ. පහුගිය ආණ්ඩුව කරපු ගොන්ම වැඩක් තමයි හැමෝටම මෝටර් සයිකල් බෙදපු එක. දැන් මීටර් 100ක් පයින් යන්නේ නැහැ මෝටර් සයිකලයෙන්මයි තමයි කට්ටිය ගමන් කරන්නේ.
ඔහොම තමයි අනවශ්‍ය වාහන ගත්තම.
ත්‍රී වීලර් රථ රියදුරයි, පෙට්‍රල් ගහන පුද්ගලයි පමණක් නොවෙයි මුළු රටේම ඉන්නේ මේ වගේ ආත්මාර්ථකාමී අය තමයි. මේ වගේ තිරිසන්නු ඉන්න සමාජයේ, වැරදි කල පුද්ගලයින්ව නොවෙයි ඉස්මතු කර පෙන්වන්නේ, ඒ අය කල වැරැද්ද දැක උරණ වු කාන්තාවගේ ප්‍රතිචාරයයි. ඉතින් එහෙම අය වෙසෙන "ඩිවෝස්බයික් සරත්" ලාගේ, තිරිසන් අධර්මිෂ්ඨ සමාජයට පැවැත්මක් හෝ අනාගතයක් තිබේද?
කාන්තාවගේ උරණ වීම කොයිතරම් සාධාරණය කරන්න හැදුවත් සහා අට පාස් නැතැයි ගැරහුමට ලක්වුන ත්‍රීවීල්කාරයයි, පැට්‍රොල් ෂෙඩ්කාරයයි කියනා දෙන්නට වඩා මේ අම්මා මෝඩ පාටයි. මොනදේ වුනත් තමන් එක්කන් ආව දරුවාව අනතුරේ දාලයන්න තරම් ගැහැණු කෙනෙක්ට කේන්තියනවා කියන්න හොඳ දෙයක් නෙමෙයි.
දියුණු රටවල මිනිස්සු තම වාරය එනතුරු පෝලිමේ සිටිති , ලංකාවේ මිනිස්සුන්ගේ කිසිම විනයක් නැත , ඉන්ධන හල් සේවකයන්ද තම සේවයේ දීමේදී මෙයට වඩා විමසිලිමත් විය යුතුය , ඉස්සෙලා පැමිනි කෙනාට ඉස්සෙල්ල ඉන්ධන ලබාදිය යුතුය , මම දකින තවත් අඩු පාඩුවක් තමා ඉන්ධන හල් වල පොම්ප කිහිපයක් තිබුනත් ,සේවකයන් කිහිප දෙනෙක් හිටියත් සේවකයන් කරන්නේ එක පොම්පයක් පමනක ඉන්ධන ලබාදෙන එක , අනිත් සේවකයන් කරන්නේ කොහේ හරි මුල්ලක වාඩිවෙලා කතා කරමින් සිටීම , ලංකාවේ බොහෝ ඉන්ධන හල් වල නවීන තාක්ෂනය තිබුනත් ඒවා භාවිත කර පාරිභෝගිකයාට නිසි සේවයක් ලබාදීමට කලමකරිත්වය අසමත් වී ඇත ,
මේ රටේ මින්නිස්සුන්ට විනයක් නෑ. තමන් පස්සේ ආවානම් පස්සෙන් ඉන්න ඕනේ. මෙතන ත්‍රිරෝදකාරයයි තෙල් ගහපු එකයි දෙන්නම හරක්.
ඇය උරණ වීමට හේතුව, ත්‍රීරෝද රථයක් පසුව පැමිණ යතුරු පැදියට ඉදිරියෙන් නවතනු ලැබීමයි. මෙයින් පෙන්නුම් කරන්නේ ත්‍රීරෝද කරුගේ අසංවරකම, නුගත්කමයි
රොමේෂ්, තමන්ගේ පන්තියේ සගයින් ගේ (ක්ලාස් මේට්ස්ලා) නිහීන ක්‍රියාවන් අගය කිරීම හා ඔවුන් පිනවීම පසෙක තබා, යුක්තිගරුක, හා විනයගරුක භාවය ගැන ඔයිට වඩා පුළුල් අවබෝධයක් ඇතිව හිතන්න පුරුදු වෙන්න. මෙහි අදහස් පලකොට ඇති මහත්වරුන්ගේ වටිනා අදහස් සංයමයෙන් යුතුව කියවා යමක් තේරුම් ගන්න උත්සහ කරන්න. සමාජය හදන්න යාම පසෙකලා, තමන් විසින්ම ප්‍රගුණ කරගත් ස්වයං විනයක් සහිත ධර්මිෂ්ඨ මිනිසුන් ලොව බොහෝ රටවල් වල ජීවත් වෙන බව දැන ගන්න.
ත්‍රීවීලර් අය නිසා තමයි මේ ලස්සන රට අවිනීතියේ රජදහන බවට පත්වෙලා තියෙන්නේ , මව ඔවුන්ට පහර නොදීම වාසනාවක්
ඇය උරණ වීමට හේතුව ත්‍රීරෝද රථ රියදුරා ගෙයි ඉන්ධන හලේ සේවකයගෙයි අවනීතකම......
පළමුව පැමිණි තැනැත්තාට පළමුව අවස්තාව. මේක ඕනෑම සේවා ව්‍යාපාරයක වැදගත්ම ප්‍රතිපත්තියක් වෙන්න ඕන, එත් අපේ රටේ ව්‍යාපාරික ආයතනත් රජයේ ඒවා වගේ තමයි, හැඳුනුම්කමට, ලොකුකමට, තක්කඩි කමට පළමුව තැන.
ත්‍රී වීලේර් කාරයෝ හරි අශීලාචාර උන් . ඒවගේම පෙට්රෝල් ගහන අයත් අර නෝනගේ මානුෂික අයිතිවාසිකමක් කඩලා තියෙන්නේ
ඉස්සර අපි පොඩි කාලේ සමාජයේ ජිවත් විය යුතු විදිය පාසල් වලදී ටිකක් හරි කියල දුන්න. දැන් කොච්චර ධර්ම දේශනා කෙරුණත් ඔය වීල් කාරයෝ, සමහර යතුරු පැදි කාරයෝ පාරට බැස්සහම තමන් ආපු පිළිවෙලට වැඩ කරගන්නැතුව අරහෙන් මෙහෙන් රිංගල තමන්ගේ වැඩේ කරගෙන කිසිදෙයක් නොදන්නා ගානට ලිස්සල් යන එක ගැන ඔය තෙල් පිරවුම් හල් වලදී සිද්දවෙන හරිම පිළිකුල් සහගත වැඩක්. අනේ අපේ රටේ හමුදුරුවරුනි කතෝලික මුස්ලිම් පුජකවරුනි ඔබ වහන්සේලාගේ ධර්ම දේශනාවලදී මෙන්න මේ වැරැද්දෙන් සමාජය මුදවාගන්න යම් ප්‍රමාණයකටවත් දැනෙන්න අවවාද දෙන්න ඔය මිනිස්සුන්ට ඔය වරද නොකරන්න.