IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


කෝප් කමිටු සභාපතිවරුන් සාක්ෂි විමසීමට කැඳවයි

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)


කොප් කමිටුවේ හිටපු සභාපති ඩියු ගුණසේකර මහතා සහ ඉන් පසුව පත් කරන ලද කොප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විමසීම සඳහා කැඳවීමට මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම තීරණය කොට ඇති බව වාර්තා වේ.


කොප් කමිටු වල සභාපතිවරුන්ට අමතරව නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ සිල්වා මහතාද සාක්ෂි විමසීම සඳහා කැඳවීමටද කොමිසම තීරණය කොට ඇතැයි වාර්තා වේ.


2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.


අධිකරණ නිවාඩු සමය හේතුවෙන් කොමිසමේ කටයුතු තාවකාලිකව නවතා දමන ලද අතර අධිකරණ නිවාඩු සමයෙන් පසුව කොමිසමේ කටයුතු හෙට (24) ආරම්භ කෙරේ.



අදහස් (2)

කෝප් කමිටු සභාපතිවරුන් සාක්ෂි විමසීමට කැඳවයි

SL Monday, 24 April 2017 01:07 AM

අර මුලින්ම අගමැතිතුමා පත්කරපු නීතිඥ කමිටුව කැදවන්නේ නැත්ද?

:       0       7

sanam Monday, 24 April 2017 04:32 AM

ඔය පරීක්ෂණ කටයුතු මීළඟ චන්දෙ වෙනකන් නොඇදේවා කියල ප්‍රර්ථනා කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 114 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 958 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2564 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site