(චන්ද්‍ර සේන ගමගේ)
ගම්පෙරළිය වැඩසටහන යටතේ ඉදිකිරීමට යෝජිත ග්‍රාමීය මාර්ගයක් සම්බන්ධව වූ කථාබහක් දුර දිග යාමෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් එම පක්ෂයේම ක්‍රියාකාරිකයෙකුට අද (11) පෙරවරුවේදී පහර දී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ විතාරන්දෙනියේ පදිංචිව සිටින නන්දන සිරිවර්ධන යන අය බවත් ඔහු මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබන බවත් පොලීසිය සඳහන් කරයි.
මීට පෙරදී වීරකැටිය කාල්ටන් පෙර පාසලේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරියෙකුට ඔහු ගේ නිවස ආසන්නයේදී පහරදීමේ සිද්ධියකට ද මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට එරෙහිව වලස්මුල්ල අධිකරනයේ නඩුවක් විභාග වෙමින් පවතී.
චෝදනාවට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට පිටත් කොට ඇති බව වීරකැටිය පොලීසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතාබහ දුරදිග ගොස් පහරදුන්නැයි එජාප පාක්ෂිකයකුගෙන් පැමිණිල්ලක්
smn Monday, 11 March 2019 10:11 AM
පොහොට්ටුව පැත්තට පනින්න පුහුණු වෙනවද මන්දා?
sirimal Monday, 11 March 2019 03:56 PM
අනෙත් කට්ටිය මේක දැන් "එජාපයේ ඔලුව උඩට අහස කඩා වැටුණා" වගේ ලොකු කරලා අන්තර්ජාලයේ පුරාවට දාගෙන යනවා. මේ සිද්ධිය පෙන්න පෙන්නා ඒ ගොල්ලෝ කියාගෙන යන්නේ එජාපය දැන් නැත්තටම නැතිවෙලා කියලයි.