(ඉන්දිකා රාමනායක / ඡායාරූප - ඉෂාන් සංජීව)
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය සංඛ්‍යාව අද(17) පස්වරුව වනවිට 30 දක්වා ඉහළ ගොස් ඇතැයි හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි. අද දිනය තුළ තවත් මළ සිරුරු 3ක් සොයාගෙන තිබූ බවත් ඉන් දෙදෙනකු කාන්තාවන් වන අතර එක් අයකු පිරිමි පුද්ගලයකු වේ.
මෙම අනතුරින් මේ වනවිට කාන්තාවන් 15 දෙනකු හා පිරිමි පුද්ගලයින් 15ක් මියගොස් ඇති අතර ඒ අතර ළමයින් 6 දෙනකු වන බවත් හමුදාව පවසයි.
මේ අතර මීතොටමුල්ල ඛේදවාචකයෙන් මියගිය අට දෙනෙකුගේ අවසන් කටයුතු කොලොන්නාව පොදු සුසාන භූමියේ දී අද (17) සිදු කැරිණි.
ඔවුන්ගේ සිරුරු තැන්පත් කර තිබුණේ මීතොටමුල්ල ලංගම ඩිපෝව අසළ මහ පාරේ ය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ට අන්තරේ ඉස්සරහින්ම ඉන්නව දැක්ක කලු කොඩියක් අරගෙන, සයිටම් එක වහල ඉවර ඇති කුණුගොඩ බදාගන්න ඇවිල්ල තියෙන්නෙ.