(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමියට තියුණු ආයුධ රැගෙන පැන පුද්ගලයින් දෙදනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තාගේ සහෝදරයකු ඇතුළු තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සමඟ වානේ කඩු දෙකක්, රබර් මිට සහිත මොට ආයුධයක්, යතුරුපැදියක් හා ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගෙන ඇත.
සුසාන භූමියේ පැවැති අවමඟුල් උත්සවයකට සහභාගී වී සිටියදී මීට වසර කිහිපයකට පෙර ඝාතනයට ලක් වූයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චූටි උක්කුං නැමැත්තාගේ මස්සිනා සහ තවත් පුද්ගලයෙකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.