(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ හෙරොයින් බෙදා හරිමින් සිටියදී හෙරොයින් කිලෝවක ප‍්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබු කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (30) මරණ දඬුවම නියම කළේය.
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සදහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දැඩි දඩුවම් නියම කළ යුතු බව විත්තිකරුට දඩුවම් නියම කරමින් විනිසුරවරයා සදහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම කරන ලද්දේ කොළඹ 10 මාලිගාවත්ත ප‍්‍රදීපා මාවත ප‍්‍රදේශයේ පදිංචි කජ්ජි ජෙයලාබ්දීන් ජෙස්මීර් රිස්වාන් නමැත්තාටය.
2016 ජනවාරී මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ 10 මාලිගාවත්ත ප‍්‍රදීපා මාවත ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 321 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මාලිගාවත්ත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක මංජුල මහතාට ලැබුණු තොරතුරකට අනුව මාලිගාවත්ත ප‍්‍රදීපා මාවත ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම විත්තිකරු පරීක්‍ෂාවට ලක් කර ඇති බවත් ඒ අවස්ථාවේ හෙරොයින් කිලෝවක් සහ ග්‍රෑම් 68ක් අඩංගු පාර්සලය විත්තිකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.
අත්අඩංගුවට ගනු ලැබු හෙරොයින් පරීක්‍ෂාවට ලක් කළ රජයේ රස පරීක්‍ෂවරයා එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 321 ක් ඇති බව දැනුම් දී තිබු අතර මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දඬුවම් නියම කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුඩු ජාවාරම්කරුවෙක්ට මරණ දඬුවම
Amara Tuesday, 30 July 2019 12:26 PM
විනිසුරුට අපේ භක්තිය
සේන Tuesday, 30 July 2019 12:28 PM
ඔය දඬුවම නියම කරලා ජනාධිපති තුමා අත්සන් කළාම උසාවියම නැවත තහනම් කරනවා. අනේ මන්දා මොනවද මේ කියලා