ඉන්දිකා රාමනායක

කඩුවෙල බෝමිරියේ  පිහිටි  රාජ්‍ය    බැංකුවට  අද (8) පෙරවරුවේ කඩා වැදුණු  කොල්ලකරුවන් දෙදෙනකු පිස්තෝලයක් හා පිහියක් පෙන්වා ලාච්චුවේ තිබු  රුපියල් 1,27,700 ක මුදලක් කොල්ල කා පලා ගොස් ඇති බව නවගමුව පොලිසිය කියයි.

අද පෙරවරු 11.00 පමණ මෙම බැංකුවට පැමිණි ඇති කොල්ලකරුවන් දෙදෙනා ඔවුන් රැගෙන ආ පිස්තෝලය හා පිහිය පෙන්වා  ඉහත මුදල  පැහැරගෙන ගොස් ඇති බවට පොලිසිය වෙත පැමිණිලි  ලැබී ඇත.

 සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.