IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටි 758ක පරිපූරක ඇස්තමේන්තුවක් බස්නාහිරදී සම්මත වෙයි

( මුදිතා දයානන්ද)

බස්නාහිර මහඇමති ඉසුර දේවප‍්‍රිය මහතා විසින් ඉදිරිපත් කරනු ලෑබු කෝටි 758ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (19) බස්නාහිර පළාත් සභාවේ දී ඒකමතිකව සම්මත විය.

මෙම පරිපූරකය මගින් මුදල් වෙන්කරනු ලැබුවේ 2016 සිට 2020 දක්වා ක‍්‍රීයාත්මක වන ළගම පාසල හොඳම පාසල් ව්‍යාපෘතිය, 2016 වසරේ නොගෙවු බිල්පත් පියවීම, පළාත් සභාව විසින් ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතන වෙනුවෙන් ඉඩම් අත්පත් කරගැනීම, පළාත් සභා මන්ත‍්‍රීවරන්ගේ වැඩිකළ දීමනා, සෞඛ්‍ය, ජීවිත හා හදිසි අනතුරු රක්ෂණාවරණ ගෙවීම, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය, චක‍්‍රලේඛ අනුව සංශෝධනය වු අතිකාල දීමනා සෞඛ්‍ය ආංශික කාර්ය මණ්ඩල සඳහා ගෙවීම්, අධ්‍යාපන අමාත්‍යංශ චක‍්‍රලේඛ අනුව ගුරු හිඟ වැටුප්, දීමනා හා නව බඳවා ගැනීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන සැලසීම, සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නව බඳවා ගැනීම් සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන සැලසීම වෙනුවෙනි.

හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය වෙනුවෙන් 2017 වසරට රජයෙන් ලද රුපියල් 5,799,162,000ක ප‍්‍රදානයක්ද, 2016 වසරේ නොගෙවු බිල්පත් පියවිම සඳහා රජයෙන් ලද 1,250,000,000 ක ප‍්‍රදානයක්ද, පෙර වර්ෂවලදී ලෝක බැංකු ආධාර යටතේ ලැබී ඉතිරි වු 90,827,000ක්ද, පළාත් සභා ආදායමින් 718,634,000ක්ද මෙම පරිපුරකය සඳහා යෙදවෙනු ඇති බව මහඇමති ඉසුර දේවප‍්‍රිය මහතා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ.  

මෙහිදී සභාපති සුනිල් විජේරත්න මහතා යෝජනාවක් ඉදිරිපත් කරමින් පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා අසනීප තත්වයෙන් පසුවන බවත් ඔහුට ශල්‍යකර්මයක් සිදුකිරීම සඳහා විශාල මුදලක් අවශ්‍යව ඇති බවත් ඒ සඳහාද යම් මුදලක් මෙමගින් වෙන්කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙම පරිපුරක ඇස්තමේන්තුව සඳහා කිසිවකු විරෝධතා ඉදිරිපත් නොකළ බැවින් එය ඒකමතිකව සම්මත වූ බව සභාපති සුනිල් විජේරත්න මහතා දැනුම් දුන්නේය.
 



අදහස් (0)

කෝටි 758ක පරිපූරක ඇස්තමේන්තුවක් බස්නාහිරදී සම්මත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site