IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොටි සංවිධානයට පනවා තිබු තහනම මාස 6 කින් දිර්ඝ කෙරේ

 
එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරමින් එම සංගමය මත පනවා තිබූ තහනම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට යුරෝපා කවුන්සිලය තීරණය කර ඇත. 
 
ත්‍රස්තවාදය පරාජය කිරීමේ දැක්ම ඇතිව ඇතැම්/විවිධ පුද්ගලයන්, සංවිධාන හා සමාගම් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ තිබෙන රෙගුලාසි අනුව ඉකුත් ජූලි 30 වැනි දා මෙම තීරණය ගෙන තිබේ. 
 
“එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් අඛණ්ඩව තිබෙන තර්ජනය සම්බන්ධයෙන් අපි යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28ට කරුණු පැහැදිලි කළා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රොඞ්නි පෙරේරා මහතා සඳහන් කළේය. 
 
අතීත, වත්මන් සහ වසරින් වසර තොරතුරු ඉදිරිපත් කරමින් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් අඛණ්ඩව තිබෙන තර්ජනය නිශ්චිත සාක්කි ඇතිව තහවුරු කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වූ බව ද රොඞ්නි පෙරේරා මහතා සඳහන් කළේය. 
 
එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් තිබෙන තොරතුරු නියමිත පරිදි සකස් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ඇතුළු අනෙකුත් ඊට සම්බන්ධ ආයතන විසින් සිදු කරනු ලැබ තිබේ.
 
එල්.ටී.ටී. ඊ සංවිධානය වෙත පනවා තිබෙන තහනම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා යුරෝපා සංගමයේ සාමාජික රටවලට අදාළ තොරතුරු ලබාදීම සහ ඒ සඳහා අදාළ නිශ්චිත ක්‍රියාමාර්ග ගන්නා බව ද රොඞ්නි පෙරේරා මහතා සඳහන් කළේය. 
 
ත්‍රස්තවාදය පරාජය කිරීමේ දැක්ම ඇතිව ඇතැම්/විවිධ පුද්ගලයන්, සංවිධාන හා සමාගම් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ තිබෙන රෙගුලාසි අනුව මේ වසරේ මාර්තු මස 21 වැනිදා යුරෝපා කවුන්සිලය එල්.ටී.ටී.ඊ සංවිධානය මත නැවත වරක් තහනමක් පැනවීය. 
 
එහිදි එල්.ටී.ටී.ඊ සංවිධානය ඇතුළුව සංවිධාන 20ක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරමින් එම සංවිධාන මත තහනම් පැනවීය. 
 
යුරෝපා කවුන්සිලය මුල් වරට එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලද්දේ 2006 වසරේදීය. එතැන් පටන් මේ දක්වා ගත වූ වසර 12ක කාලයේදී යුරෝපා කවුන්සිලය අඛණ්ඩව එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක්ය යන ස්ථාවරයේ පිහිටා කටයුතු කළේය. 
 
සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
 
055



අදහස් (1)

කොටි සංවිධානයට පනවා තිබු තහනම මාස 6 කින් දිර්ඝ කෙරේ

ravi Monday, 06 August 2018 05:02 AM

ඉතින් ඊට පස්සේ ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2040 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site