(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයන්හි කොටි නායකයාගේ උපන්දින සැමරීමක් හා මහවිරු සැමරීමක් සිදු කළ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් සිංහල සිසුන් පිරිසක් විසින් පාලනාධිකාරියට පැමිණිලි කිරීමත් සමග මණ්ඩපය දින නියමයක් නොමැතිව ඊයේ (28) සවස සිට වසා දැමීමට පියවර ගෙන ඇත.
පසුගිය 26 වැනිදා වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ ඇති යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයට අයත් නේවාසිකාගාරයන්හි දමිළ සිසුන් පිරිසක් විසින් කොටි නායකයාගේ උපන්දින සැමරුමක් සිදු කොට ඇත්තේ නේවාසිකාගාරයන්හි සිටි අනෙක් සිසු සිසුවියන්ටද බලහත්කාරයෙන් කේක් කවමිනි.
පසුව එම ක්‍රියාව වැරදි බවට හගවමින් සිංහල සිසුන් පිරිසක් දමිළ සිසුන්ට පැවසුවද එම ක්‍රියාකාරකම් නොනවත්වා පැවතීම හේතුවෙන් එහි සිසුන් පිරිසක් විසින් මණ්ඩපයේ පාලනාධිකාරියට ඒ බව දැනුම් දී ඇති අතර එයට උරණ වූ දමිළ සිසුන් විසින් සිංහල සිසුන් බිය ගැන්වීමේ ක්‍රියාවක නිරත වී ඇත.
අනතුරුව ඒ බවද මණ්ඩපයේ පාලනාධිකාරියට දැනුම් දී අදාල පැමිණිළි සම්බන්ධයෙන් පාලනාධිකාරිය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් සිංහල සිසුන් උණුසුම්ව හැසිරී ඇති අතර පසුව සිංහල සිසුන් හා දමිළ සිසුන් අතර ගැටුමක් ඇති වේ යැයි යන අවදානම හේතුවෙන් දින නියමයක් නොමැතිව නිවාඩු දී සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇත.
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවටද සිසු සිසුවියන්ට දැනුම් දී ඇත.
වව්නියාව මණ්ඩපයේ සියලු පීඨයන්හි සියලුම වසර වලට මෙසේ දින නියමයක් නොමැතිව දැනුම් දී ඇති අතර නේවාසිකා ගාරවල සිට සිය නිවෙස් වෙතට යමින් සිටි සිංහල සිසුන් කියා සිටියේ අදාල කරුණ සම්බන්ධයෙන් පාලනාධිකාරිය විසින් සිදු කරන විනය පරික්ෂණය සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි බවයි.




COMMENTS
මේවට කියන්නේ සහජීවන ක්‍රියාකාරකම්කියල ඔබට සතුටුද දැන්? ඒගොල්ලෝ දකුණේ විශ්ව විද්‍යාල වල,රෝහල්වල ඇවිල්ල කිසිප්‍රශ්නයක් නැතිව ඉගෙනගෙන ගිහින් උතුරේ ජාතිවාදය පතුරවනවා.මුස්ලිම්අය ත් ඔහොමයි.ඒ අයට පොඩ්ඩක් හරි ඔහොම උණානම් පෙළපාලි යනවා.අපේ කොන්ද පනනැති දේශපාලුවෝ එහෙනම්දැන්මම කමිටු පත්කරලා.කෝ අර ජාතික කොඩියට අගෞරව කරපු එකකට නීතිපති වාර්තාව? මේගොල්ලන්ට ඕනනේ ව්‍යවස්ථාවක්නැහැ. මෙගොල්ලන්ට ඕනා රටබෙදන ව්‍යවස්ථාවක්. ව්‍යවස්ථා නැතිව සිංහලයට ඇති මේගොල්ලන්ගේ නැති දේවල්මොනවද කියල හොයල බලන්න කමිටු දන්නා ඕනනේ. බලපුවහම් ජාතිවාදය හදන්නේ අවස්ථාවාදී දේශපාලඥයෝ සහ සුලුජතිකයෝනේ.
විරුද්ධ වෙන්න එපා. 'සන්හිදියාවනේ' පාලකයෝ මේ රට විනාස කරනකන් අවුරුදු 70ක් බලන් හිටියා වගේ ඉතුරු ටිකත් ඔන්න ඔහේ ඉමු.
සංහිදියාව දොරේ ගලනවා ආයුබෝවන්ඩ!!
මුකුත් කියන්න එපා සංහිදියාව නැතිවෙයි
මේවා නතර කරන්න ආණ්ඩුවට කොන්දක් තියෙන්න ඕනි.. අනිත් එක දෙමල සිංහල සමාජයන් අතර සහයෝගය සමගිය වැඩි වෙන විදිහේ දිගුකාලීන වැඩසටහනක් ඕනි.. එක අපේ රටේ ඉන්න දේශපලුවොත් එක්ක කරන්න බැරි දෙයක්... තම තමන්ගේ දේශපාලන උවමනා වලට බලයට තියෙන කෑදර කමට උතුරේ , දකුණේ සමගිය නැතිකරන්නේ මේ දේශපාලුවෝ.... අන්තිමේදී දුරදිග නොබලන මේ වගේ ද්‍රෝහීන් බිහි වීම වලකන්න බැරි දෙයක්.... මොනවා උනත් උතුරේ අන්තවාදීන් ට ඕනි ඕනි විදිහට වැඩකරන්න දීමෙන් අපේ රට අයෙමත් යුද්දයකට පැටලීමකට හේතුවක් වේවි .
මහ ලොකු සංහිඳියාව රෙද්ද පල්ලෙන් බේරේ !
මොනවා උනත් උතුරේ දෙමළ ජනතාව තමන්ගේ ජාතිය වෙනුවෙන් කැපවෙලා වැඩකරන බව පේනවා. අපේ සිංහල කියාගන්න නායකයෝ අපේම ජාතිය නැති කරන්න උපරිම උත්සහයක් දරන බව පේනවා. රට විනාස කරපු තස්ත්‍රවාදියා සමරකන් බලාගෙන ඉන්නවා කියන්නෙම ඒ බව ඔප්පු කිරීමක් නොවේද?
ලක්ෂ 62 ජනතාවෙනි ඔබට ගොඩක්ම සතුටුයි නේද දැන්. සංහිදියාව රෙද්ද පල්ලෙන් බේරෙනව.
මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
මෙම සිසුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධාව කුමක්ද? ප්‍රභාකරන් සමරන පුද්ගලයන් තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමකට අයත් නිසා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකර ඉන්නේ මොකද? මම ජීවත්වන ජර්මනියේ තහනම් සංවිධානයක් වන නාසි නායක හිට්ලර් සමරන හෝ එම සංවිධානයේ ලාංඡන භාවිතා කරන පුද්ගලයන්ට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ. අපේ නායකයෝ විවෘත්ත කිරීම් උත්සව, දේශපාලන වේදිකාවල කරන කතාවලදී පෙන්වා දෙන දේශප්‍රේමය සහ රටේ ඒකීය භාවය රැකීම, ක්‍රියාවෙන් පෙන්වාදීමට කාලය පැමිණ ඇත.
අපේ මහා අය මොනවාද කරන්නේ? අන්ධ වෙලාද? ඒ අයට මේවා පෙනෙන්නේ නැද්ද? අද මේ අය කේක් කපන්නේ අපේ සිංහල රණ විරුවෝ නිසා කියන එක අමතක වෙලා. මේ අයගේ මොලේ මොනවාද තියෙන්නේ? වල පල්ලට යවන්න ඕනෑ....
රජයේ ප්‍රතිපත්තිය වැනෙන සුලුයිි ඍජු තීරනයක් නීීතිියට අනුව නොගත හොත් අනාගතතයේ දී බරපතළ තත්වයකට මුහුන දීමට රජයට සිදුවනුු ඇත
රජයේ ප්‍රතිපත්තිය වැනෙන සුලුයිි ඍජු තීරනයක් නීීතිියට අනුව නොගත හොත් අනාගතතයේ දී බරපතළ තත්වයකට මුහුන දීමට රජයට සිදුවනුු ඇත
කොටි ගහලා මදි අපිට. රටවල් ගාණක මිනිස්සු ආශ්‍රය කරන මටනම් ලොකේ කිසිම රටක දැන් ලංකාවේ ඉන්නවා වගේ අපතයෝ දෙන්නෙක් ඉඳලා නෑ. අපි බලන් ඉන්නේ. උඩ ඉඳන් දෙවියොත් බලන් ඉන්නවා. මොන සල්ලි තිබුණත්, මේවාට ගෑවිච්ච අයටත් පඩිසන් දෙනවා. ඔයිට වඩා නිරංජන්ලා හිටපු විදිහ අපිට මතකයි. අවුරුදු ගාණක් දුක් වින්ඳත් මතකයි. හෙන හත ගහනවා කරන වැඩවලට... බුදු දහමට, සිංහලයන්ට කරන අපරාධවලට....
මෝඩ සිහලුනේ ගහන්න කතිරය, යහපාලනයට...