(රොමේෂ් මධුෂංඛ)
යාපනය කොඩිකාමම් මිරුසුවිල් පලෙයිවයික්කාල් ප්‍රදේශයේදී යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද මෝටාර් බෝම්බ 12ක් ඊයේ (27) සවස ගොඩගත් බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
පසුගිය 26 වැනි දා පලෙයිවයික්කාල් හීදී කිසියම් පිරිසක් විසින් වැලි ගොඩදැමීමට ගොස් ඇති අතර එම පිරිස් විසින් වැලි ගොඩදාන අතරවාරයේ පොළව යට තිබී මෝටාර් බොම්බ 5 ක් මතුව තිබී ඇති අතර පසුව ඒ බව කොඩිකාමම් පොලීසියට දැනුම් දී ඇත.
පසුව එම ස්ථානයට පොලිස් ආරක්ෂාව දමා ඊයේ දින පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන්ගේද සහය ඇතිව අධිකරණ නියෝගයක් මගින් එම ස්ථානයේ කරන ලද සෝදිසි කිරීම් වලදී මිලිමීටර් 81 වර්ගයේ ජීව මෝටාර් උණ්ඩ 12 ක් සොයා ගෙන තිබේ.
ගොඩගත් මෙම මෝටාර් බෝම්බ තොගය අධිකරණ නියෝගයක් මගින් විනාශ කර දැමීමටද යාපනය පොලිස් විශේෂකාර්ය බළකා නිලධාරීන් පියවර ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් විනාසකාරී උපකරණ හමුවන විට අදාල ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඒවා ඉවත් කිරීමට කටයුතු කරන රටේ පුරවසියන්හට විශ්ෂ මුදල් ප්‍රධානයක් කිරීමට හා විශේෂිත ඇගයීමක් කිරීමට රජය පියවර ගත යුතුය එමෙන්ම රටේ පුරවැසියන්ගෙන් විශාල පිරිසකගේ අවස්තාව වන්නේ සාමයෙන් හා නිදහසේ ජීවත් වීමයි එයට ජාති ආගම බේදයක් නැත ඒනිසා ජනතාවද හැකි පමණින් තමන්ට බලපාන මෙවන් අනතුරු දායක දේවල් ඉවත් කර ගැනීමට හා සාමකාමීව ජීවත් වීමට උපරිම අයුරින් වගබලා ගත යුතුය.