(සිතුම් චතුරංග)
එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් මුලතිව්,පුදුකුඩිරිප්පු නෙත්තිරිආරු ඇළෙහි සඟවා තිබූ අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පෙරේදා (26) සවස සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
ජලය කාන්දු නොවන සේ පොලිතීන් යොදා ආවරණය කළ පී.වී.සී බට පහක් තුළ සඟවා තිබූ අතර නැවත භාවිතයට ගැනීමේ අරමුණින් ත‍්‍රස්තවාදීන් ඇළ තුළ මෙලෙස පුපුරණ ද්‍රව්‍ය සඟවන්නට ඇති බවට සැක පළ කරයි.
සොයාගත් පුපුරණද්‍රව්‍ය අතර විදේශරටක නිශ්පාදිත ‘මිස් 36’ වර්ගයේ අධි බලැති අත්බෝම්බ 14 ක් , බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ෆියුස් 12 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
කිලිනොච්චිය පොලිසිය පැවසූයේ සොයාගත් බෝම්බ ඉන්දියානු ආරක්ෂක අංශ විසින් බහුලව භාවිතා කරන බෝම්බ වර්ගයක් බවත් ත‍්‍රස්තවාදීන් සූක්ෂමවත් ලෙස දිරාපත් නොවන අයුරින් සඟවා තිබු බවයි.
කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝගයක් මත පුපුරණ ද්‍රව්‍ය කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක‍්‍රිය කරනු ලැබීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ ආයෙමත් කොටි එන්නේ නැහැනේ.
මොන බොරුද ..කොටි බෝම්බ පුපුරා හරියේ නැහැනේ .දෙමල කොටි හරි අහිංසකයි .නපුරු කොටි ඉන්නේ කැලේ.
ජිනීවා වලට පෙන්නන්ඩ තියෙන්නේ තවමත් අපි විදවනවා තියල.