(රොමේෂ් මධුෂංඛ)
කොටි සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්ගම වූ යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ස්මාරකයක් සැදීමට වැල්වැටිතුරෙයි නගර සභාව සූදානම් වූ උත්සහය අසාර්ථක වී ඇත.
වැල්වැටිතුරෙයි මුහුද ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගනයක කොටි පාලන සමයේදී අඩි 80 ක් උසැති කොඩි කණුවක් ඉදිකර එහි කොටි සංවිධානයට අයත් කොඩිය ඔසවා තිබුණු අතර යුද්ධය අවසන් වීමත් සමඟ එම කොඩි කණුව ඉවත් කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගන්නා ලදී.
පසුව පසුගිය දින කිහිපයේ දී වැල්වැටිතුරෙයි නගර සභාව මගින් අදාළ ස්ථානයේ කිසියම් ස්මාර්කයක් ඉදිකිරීමට සූදානමක් පැවති අතර අවසන් වතාවට රැස්වූ නගර සභා රැස්වීමේදී මෙම ස්මාරකය පිළිබඳ විවාදයට ගෙන ඇති අතර එහිදී වැල්වැටිතුරෙයි නගර සභාවේ සිටින සභිකයින් 17 දෙනෙකුගෙන් 09 දෙනෙකුම අදාළ ස්මාරකය සෑදීමට විරෝධය පළ කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ස්මාර්කය සෑදීමට වඩා එම ස්ථානයේ කුඩා ළමුනට අවශ්‍ය වන පරිදි ළමා උද්‍යාපනයක් ඉදිකිරීම යෝග්‍ය බවටයි.
පසුව වැල්වැටිතුරෙයි නගරසභාවේ සභාපති කරුණානන්දරාසා විසින් අදාල ස්ථානයේ ළමා උද්‍යානයක් ඉදිකිරීමට යෝජනා සම්මත කර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි කොඩිය දැමු තැන ස්මාරකයක් හදන්න ගිය උත්සහය අසාර්ථක වෙයි
KANDEPOLA Tuesday, 12 June 2018 08:01 AM
ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් කියලා පිලි ගැනීමට මේ රටේ වැඩි දෙනෙක් ද්‍රවිඩ පිරිස අකමැතියි. මේක බැලු බැල්මට ජාතිවාදී ප්‍රකාශයක් වගේ පෙනුනට ඇත්ත ඒකයි.