( තිළිණි ද සිල්වා )
කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග‍්‍රහය යටතේ එරට පවත්වාගෙන යන ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ බැංකු ගිණුමේ මුදල් ඉවතට ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙසට එරට ශ්‍රීලංකා තානාපතිවරයා එම බැංකු ගිණුම පවත්වාගෙන යන බැංකුවට දැනුම් දී තිබේ.
කටාර් රාජ්‍යයේ ලාභ නොලබන පාසලක් ලෙස පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග‍්‍රහය ලැබුණද තානාපති කාර්යාලයේ දැනුවත් වීමකින් තොරව ,එම පාසලේ සිදුවන ඇතැම් ක‍්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එසේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වනතෙක් තමන්ගේ අවසරයකින් තොරව එම පාසල් ගිණුමේ මුදල් ගැනීම මෙලෙස අත්හිටුවූ බව කටාරහි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
2025 නොවැම්බර් මස 17
25
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කටාර් හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ගිණුම තාවකාලිකව අත්හිටුවයි
Kamal Koralage Monday, 31 July 2017 06:45 AM
බොහොම කලක් මෙම පාසැල සාර්ථකව පවත්වාගෙන යමින් කටයුතු කරන කමිටුව සහ මෙම පාසැල සඳහා සහ මෙරටට පැමිණ අතරමං වූවන්ට බොහෝ උදව් කරන ලද සහ කරන කුමුදු ෆොන්සේකා මහතාගේ සේවය අගය කළ යුතුයි. ශ්‍රී ලාංකිකයා සූරා කන මුදලාලි පැලැන්තියක් තානාපති සමග මෙහි මුදල් සූරා කන්න බොහෝකලක් කුමන්ත්‍රණ කරමින් ඉන්නේ මෙය මෙහි අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ අනාගතය විනාශ කරලා කඩ කරනවා වගේ පාසලත් කරන්නය හදන්නේ...
MilindaMonday, 31 July 2017 09:27 AM
හැබැයි ඉතින් මේකත් හරියට මහින්ද යුද්දේ ඉවර කළා වගේ... ඒ කියලා රට කන්න බැහැනේ... පාසල පටන් ගත්ත බව නම් ඇත්ත... ඒත් ඉතින් ගුරුවරියන්ට පඩි ගෙවන්නේ නැතුව ළමයින්ට බාගෙට උගන්නලා, පාසල් කමිටුවට කාටවත් එන්න දෙන්නේ නැතිනම් ඒකාධිපති පාලනයක් තමයි තියෙන්නේ... පාසලට අවශ්‍ය නව පාලනයක්.. පාසලේ මිලියන ගණන් මුදල්...
vernon kotalawalaMonday, 31 July 2017 10:10 AM
මම හිතන විදියට මේක සිංහල ජාතියේ නියම ස්වරූපය. අපිට කල හොඳ අමතක වෙන්න මහා ලොකු කාලයක් ගතවෙන්නේ නැහැ. මේ පාසැල මේ තත්වයට ගේන්නේ ඔය කතාකරන අය නොවේ. කුමුදු ෆොන්සේකා මහතා ඇතුළු අනික් සියලුම මහතුන් තමුන්ගේ වටිනා කාලය, ශ්‍රමය සහ ආරම්භයේදී තමුන්ගේ මුදලුත් කැප කළා. ඔය පාසැල දෝහා වල තිබුණේ නැත්නම්, දරුවන් දහස් ගණනකට ඉගෙනගන්න වෙන්නේ ගෙදර ඉඳන්. ඕක තිත්ත ඇත්ත....
srimala Monday, 31 July 2017 09:11 AM
ඇත්තට අපේ රටේ විදේශ දුත සේවයට උගත් රාජ්‍ය පරිපාලන නිලධාරීන් නැද්ද? ඒ.එස්.පී ලියනගේ මහතා ඉඩම් කොටස් කර වෙළඳාම් කරපු ව්‍යාපාරිකයෙක්... පහු ගිය කාලේ පීකොක් මන්දිර විහිළුව කලෙත් මෙයාමයි. කොහොම තානාපති කෙනෙක් වුණාද දන්නේ නෑ...
පිට රැටියා Monday, 31 July 2017 10:35 AM
මම දන්නා තරමින් නම් කිසිම ගුරුවරයෙක් හෝ සේවකයෙක් වැටුප් ලැබුනේ නැහැ කියලා නම් චෝදනා කරලා නැහැ. ලැබෙන වැටුප ප්‍රාණවත් නැති අය නම් ඇති, ඒ තත්වය අඩු වැඩි වශයෙන් අපි හැමටම පොදු දෙයක් ලෝකේ කොහේ හිටියත්. ළමයින්ට උගන්නන්න ඉන්න ගුරුවරුන්ගේ නම් යම්යම් අඩුපාඩු නම් තියෙනවා... ඒවා නම් හදා ගන්න වෙයි. නමුත් මේ දැන් ඇති වෙලා තියෙන තත්වය, පාසලේ තත්වය උසස් කරන්න අර අඳින වෑයමක් නෙවෙයි කියලා හැමෝම දන්නවා.