(රොමේෂ් මධුෂංඛ)
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 57 ග්‍රෑම් 275 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය කයිට්ස් දූපතේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් හා වෙරලාරක්ෂක දෙපාරත්මේන්තුවෙන් නිලධාරීන්ගේද සහයෙන් පිරිසක් විසින් සිදු කල සෝදිසි වැටලීමකදී ඩිංගි යාත්‍රාවක් තුල පාර්සල් 24 ක අසුරණ ලද අදාල කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට නාවික නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.
අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු ගොඩබිමට රැගෙන ඒමට උත්සහ දරා ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 ත් 39 ත් වයස්හි වන අතර ඔවුන් සහ කේරලගංජා හා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය කයිට්ස් පොලීසිය වෙතට භාරදීමට නාවික හමුදාව විසින් පයවර ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංජා කෙසේ වෙතත් ඉන්දියාවෙන් කොරෝනාත් ගෙනෙයි වගේ...
නාවික විරුවනි, ඔබට ජයවේවා.!!! ඔබගේ මේ උත්සාහය අපගේ අනාගත පරම්පරාව මත් රකුසාගෙන් බේරා ගැනීමටයි. මෙම කාලයතුළ අත් අඩන්ගුවට ගත් මත් කුඩු ප්‍රමාණය රට තුළට ගියානම්..!!!
පොලිස් බලතල සමග ස්වයං පාලනයක් දුන්නොත් කොහොමට හිටීද?