කටුනායක ගුවන් තොටුපොලෙහි ආගමන විගමන කටයුතුහි ප්‍රමාදය වළක්වා ගැනීම වෙනුවෙන් පියවර කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ආගමන හා විගමන සහ රේගු නියාමන කටයුතුවලට අදාලව මඟ පෙන්වන්නන් ගුවන් තොටුපොළෙහි විවිධ ස්ථාවනවල යෙදවීමටත් , උපදෙස් දැන්වීම්, විද්‍යුත් වර්ණ සංඥා ගුවන් තොටුපොළේ අවශ්‍ය ස්ථානවල සවි කිරීමටත් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් ලබා දී ඇති අතර අවශ්‍ය වන්නේ නම් තම අමාත්‍යාංශය යටතේ ඇති ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් අවශ්‍ය සහාය ලබා ගන්නා ලෙසත් අදාළ අංශ දැනුම්වත් කර තිබේ.
මේ ක්‍රියා මාර්ගය තුළින් ආගමන විගමන කටයුතුවල ප්‍රමාදය අවම කර ගුවන් මගීන්ට වැඩි පහසුකම් සැපයීම අපේක්ෂා කරන බවද අමාත්‍යංශය සඳහන් කරයි.
මෙය දීර්ඝකාලීන විසඳුමකට යාමට මත්තෙන් එම කටයුතු සාර්ථක කර ගැනීමට තාවකාලික පියවරක් පමණක් බවත් අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම කෙටි කාලීන විසඳුම් තාවකාලික බවත් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය සැලසුම් වහා සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එමෙන්ම දියුණු තාක්ෂණික මෙවලම් මේ සඳහා එක් කරන ලෙසත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමන විගමනයට සහ රේගුවට හමුදා නිලධාරින්ද අනුයුක්ත කිරීම කාලෝචිත බව මගේ අදහසයි.
ඇත්තටම හොඳ වැඩක්. තව එකක් තමා ඔය ඕකේ වැඩ කරන අපේ ලාංකික අයගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. ඒ අය සමහරු දිහා ඊරිසියාවෙන් බලනවා වගේම, සමහර මිනිසුන්න්ට නරක විදිහට සලකන්නත් පුරුදු වෙලා ඉන්නේ. ආයේ ඔය විදේශ සේවා එකේ අය ඕකෙන් අයින් කරන්න ඕනේ. වෙනම තැනක තියන්න ඕනේ. ඒ වැඩේ සල්ලි ගරාගන්න වැඩක් වෙලා ඉවරයි. ආයෙත් අපේ තියෙන්න මහා ජරාම DUTY FREE ෂොප් ටිකක්.. ටිකක් පිළිවෙලක් ඇතුව ලස්සනට හොඳට දාන්න.. ජාවාරම්කාරයෝ එලියට දාන්න. හැබැයි ආගමන විගමන නිලදාරීන් නම් හොඳා. රේගුව නම් දන්නේ නැහැ මිනිස්සු පිටරට ගිහින් කොච්චර දුක් විඳලා කීයක් හරි හම්බ කරගෙනද එන්නේ කියලා.. සල්ලි කඩා ගන්න ඉන්නේ.
මම ගිය සතියේ විනාඩි 30 කට වැඩියෙන් ආගමන කවුන්ටරයේ හිටිය. කවුන්ටරයේ ඉන්න අය වැඩ කරන්නේ හීනෙන් වගේ. වැසිකිලි වලට යන්න බෑ අපිරිසිදුයි. අඩුම ගානේ ලගම තියන සිංගප්පුරු ගුවන් තොටුපලටවත් ගිහින් බලලා ඉගෙන ගන්න.
දුරකථන app එකක් හඳුන්වා දෙන්න, ගුවන් තොටුපොළේ විස්තර සහිතව. සජීව ගුවන් ගමන් යාවත්කාලීන කිරීමක් සිදු කරන්න. අදහසක් පමණයි.
ඔකේ ඇතුලේ මග පෙන්වන්නෝ අවශ්‍ය වන්නේ නැහැ , එහෙම පුද්ගලයෝ දැම්මොත් හොර ජාවාරම් වැඩි වෙනවා ඇරෙන්නේ වෙන දෙයක් සිදු වන්නේ නැහැ ,
හොද වැඩක්. තවත් කරන්න වැඩ තියෙනවා. මම ගිය දෙසැම්බර් ලංකාවට ආව වෙලේ ඉමිගිරේෂන් එකෙන් එලියට එන්න පැය දෙකක් ගත වුණා. එච්චර සෙනග ඉද්දී කවුන්ටර් වලින් බාගයක් වහල තිබ්බේ.
කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරතවන නිලධාරීන් බොහෝවිට රාජකාරියට වාර්තා කළ පසු තම ආසනවල නොසිට ගුවන්තොටුපලේ රස්තියාදු ගසමින් සහ විවේක කාමරවල රැදී සිටිමින් කාලය ගත කරන්න පුරුදු වෙලා තිබෙනවා , ඔවුන් තම ආසනවලට පැමිණෙන්නේ බොහෝවිට පෝලිම් දිගු වුණාට පස්සේ , රාජකාරියට වාර්තාකරණ නිලධාරීන් තම ආසනවල ඉඳගෙන ඉන්නවනම් කිසිම ප්‍රශ්නයක් නැත වැඩේ ලස්සනට සිදු වේවි ,