( තිළිණි ද සිල්වා )
කොටි සංවිධානය වෙත අවි ආයුධ රැස් කර ඒවා ශ්‍රී ලංකාවට රහසිගතව රැගෙන යාමට උත්සාහ කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ එම සංවිධානයේ ආධාරකරුවන් සිව් දෙනෙකුට එරෙහිව තමිල්නාඩුවේ රාමනාදන්පුරම් අධිකරණය විසින් වසර දහය , තුන සහ මාස හය බැගින් වූ සිර දඬුවම් නියම කර ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (30) වාර්තා කළේය.
මෙලෙස ක්‍රිෂ්ණ කුමාර්, සුභාෂ්කරන්, රාජේන්ද්‍රන් සහ ශෂි කුමාර් නැමත්තන්ට එරෙහිව මෙලෙස සිර දඬුවම් නියම කෙරිණි.මොවුන් ශ්‍රි ලාංකික සම්භවයකින් යුතු දෙමළ ජාතිකයින් පිරිසක් බව පැවසේ.
ඉන් ක්‍රිෂ්ණකුමාර් සහ සුභාෂ්කරන්ට රාමනාදපුරම් දිසා අධිකරණය මගින් වසර 10 බැගින් සිර දඬුවම් නියම කරනු ලැබ ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා වාර්තාවේ දැක්වේ.
මීට අමතරව රාජේන්ද්‍රන් නැමැති චූදිතයාට එරෙහිව වසර තුනක සිර දඬුවමක් නියමවූ අතර, ශෂිකුමාර් නැමැත්තාට නියම කර ඇත්තේ මාස 6 ක සිර දඬුවමක් පනවන ලදී.
මෙම සිර දඩුවම් වලට අමතරව මොවුන්ට ඉන්දීය රුපියල් 4000 සහ 1000 බැගින් වන දඩ මුදල් ගෙවන ලෙසට රාමනාදපුරම් විනිසුරුවරයා නියම කරනු ලැබ තිබේ.
125
COMMENTS
කොටින්ගේ නියම රාජ්ජය වන තමිල්නාඩුවේත් මේ වැනි සාධාරණ තීන්දු දෙනු ලබන විනිසුරු තුමන්ලා සිටීම සැබවින්ම ප්‍රසංසාවට කරුණක්. මේ රටේ කොටි හිතවාදීන්ට මෙය හොඳ ආදර්ශයක්.