
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමෙන් ඇතුළු වීමට පැමිණි රථවාහන හේතුවෙන් අද (29) සවස දැඩි රථ වාහන තදබදයක් පැවැති බව හෝමාගම පොලිසිය පවසයි .
අද මධ්‍යම රාත්‍රියේ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන බවට රජය දැනුම්දීමත් සමග විවිධ රාජකාරි සඳහා පැමිණ රැදී සිටි විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිට පළාත් වලට යාම සඳහා පැමිණීම මෙම රථවාහන තදබදයට හේතුව බව පොලිසිය කියයි.
බස්නාහිර පළාතෙන් පිට පළාත් සඳහා පිටව නොයන ලෙසට රජය දැනුම් දී තිබියදී මෙසේ පිටවයාම වරදක් බව පහදා දෙමින් පොලිසිය රියදුරන්ට දැඩි ලෙස අවවාද කළේය.
මේ හේතුවෙන් කොට්ටාව පිවිසුමේ සිට කොළඹ දෙසට කිලෝ මීටරයක් පමණ දුරක මෙම රථවාහන තදබදය දක්නට ලැබුණි.

COMMENTS
ලංකාවෙ ඉන්නවා ආත්මාර්තකාමී අමු පිස්සෝ රැලකුත්... අද අත්‍යාවශ්‍ය සේවා සදහා වත් පාරෙ යන්න නැහ.. ගෙදර ඉන්න සනුහරේම වාහනයෙ දාගෙන බස්නාහිර පලාතෙන් පිට යන්න ට්‍රිප් යන්න දගලනවා… හැම චෙක් පොඉන්ට් එකක්ම බ්ලොක්… මෙ අයට කොරොනා නෙමෙයි මහසොහොන් කීවත් තේරෙන්නෙ නැහැ.
හරි දැන් ඔක්කොම ලෙඩ්ඩු ටික ගම් වලට යන්න ඇති...
ලංකාවේ ඉන්නේ මිනිසුන් නොව මී හරකුන් බව මේකෙන් පේනවා. ඇඳිරිනීතිය දානවා කියල දවස් 2 කට කලින් කීවම මේක වෙනවා කියලා බලධාරීන් දැනගත යුතුයි. මීට පස්සෙ ඇඳිරිනීතිය දානකොට වහාම ක්‍රියාත්මක වන පරිදි කියලා කියන්න ඕන.
සර් ලවා පත්කළේ නිවැරැදි තීන්දු, තීරණ ගන්නනේ...
කොවිඩ් ලෝකයටම බෝකරපු චීනයටත් බනින්න ඕනෑ. ඔවුන් මේගැන වගකීමෙන් කටයුතු කලානම් මේක ලෝකෙම පැතිරෙන්නේ නැහැ. අනුන් කරන වැරදිවලට සියලු ලෝකවාසීන් විපතකට ඇද දැම්මා.