IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කච්චතිව් මංගල්‍යයට ගිය යාත්‍රා 7 ක් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගිහින්

(ඉන්දිකා රාමනායක)

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ  දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍යයට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්ට  අයත් කුඩා ඩිංගි යාත්‍රා 7 ක් ඉන්දියානු මුහුදු සීමාවට   ගසාගෙන ගොස් තිබිය ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ  නෞකාවක් විසින් ශ්‍රී ලංකා  නාවික හමුදාවට බාර දී තිබේ.
 
මෙම යාත්‍රා කච්චතිවු  මුහුදු සීමාවේදී නැංගුරම්ලා තිබියදී  ඊයේ (7) පස්වරුවේ  මෙලෙස ගසාගෙන ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.
 
 මෙලෙස ගසාගෙන ගොස් ඇත්තේ මන්නාරමෙන් සහ  මීගමුවෙන් පැමිණි යාත්‍රා  බවද නාවික හමුදාව කීවේය.
 
මංගල්‍යය අවසාන වීමෙන් පසු පිටම යාමට පැමිණි මෙම පිරිස තමන්ගේ නැංගුරම්ලා තිබූ බෝට්ටු අතුරුදන්ව ඇති බවට දැක සිද්ධිය නාවික හමුදාවට දැනුම් දී තිබිණි . පසුව නාවික හමුදාව  ප්‍රදේශයේ සෝදිසි කළ ද  බෝට්ටු හමු නොවීම නිසා සිද්ධිය ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ට දැනුම් දී ඇත .
 
බෝට්ටු  කච්චතීව් දුපතේ සිට මුහුදු සැතපුමක් ආසන්නව පිහිටි දෙරටේ මුහුදු   සීමාසීමාවට ගසා  ගෙන ගොස් තිබියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය බාරයට ගෙන තිබූ බව නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
 
 නාවික හමුදාව සිදු කළ දැනු දීම අනුව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් එම බෝට්ටු නාවික හමුදාව වෙත   බාරදුන් බව සුරියබණ්ඩාර මහතා කීය. 
 
නාවික හමුදාව විසින් බෝට්ටු නැවත රැගෙන ඒමෙන්  පසු ඒවායේ පැමිණ සිටි  බැතිමතුන්  පස්වරුවේ සිය ගම් ප්‍රදේශ වෙත ගිය බව නාවික හමුදාව කියයි.
 
 මෙම බෝට්ටුව ක්‍රමවත්ව නැංගුරම්ලා නොතිබීම හේතුවෙන් මෙලෙස ගසාගෙන ගොස් තිබූ බව නාවික හමුදාව  පවසයි .


 



අදහස් (4)

කච්චතිව් මංගල්‍යයට ගිය යාත්‍රා 7 ක් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගිහින්

පිටිගල මිලානෝ Sunday, 08 March 2020 10:26 AM

කොරෝනා වලට බයේ අඬපු අය නේද මේ දෙවියන් යදින්න ඇවිල්ලා තියෙන්නේ ? දෙවියනුත් හොඳ දඬුවමක් දීලා වගේ. ඇයි ඔයගොල්ලෝ මීගමුවට කුඩු ගේන අයට විරුද්ධව පෙළපාලි යන්නේ නැත්තේ ?

:       25       121

roshanSunday, 08 March 2020 12:48 PM

පිටිගල.. අර ස්වාමීන් වහන්සේ කෙනෙක් අඬනවා දැක්කේ නැද්ද?

:       42       95

RPSH Sunday, 08 March 2020 02:16 PM

මේ ශ්‍රී ලංකා නාවික හමුදාවද? නැත්නම් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායද? ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා යාත්‍රාවක් නේද මේ තියෙන්නේ...?

:       0       2

ඉන්දිකා රාමනායකMonday, 09 March 2020 05:26 AM

මේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 388 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 441 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 407 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site