( තිළිණි ද සිල්වා )
මේ දිනවල පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු අද (03) විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කළු ගඟ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කළ බව ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීය.
ඒවායේ ජල මට්ටම තව දුරටත් ඉහළ යමින් පවතින නිසා මතුගම අගලවත්ත , ඉංගිරිය ,පාලින්ද නුවර ඒ ආසන්න ප‍්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව හෙතම වැඩිදුරටත් කීය.
මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් ජලගැලීම් ඇතිවීමේ අවදනමක් නොමැති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ලැබුණු වතුර ටික මුහුදට යවන්න. ඊට පස්සේ නැවතත් වතුර ලැබෙනකන් අහස දිහා බලාගෙන ඉන්න.
මේ අයට තියෙන ලොකුම ප්‍රශ්නය වාන් දොරටු ටික ඇරගන්න එක. කළමනාකරණයක් ගැන හිතන්නෙම නැහැ. සති දෙකෙන් මිනිසුන්ට බොන්නත් වතුර නැහැ.