කැකිරාව කවලම්හල්මිල්ලෑවේ දී තරුණියක පැහැරගත් යුද හමුදා සෙබළකු ඇතුළු හත් දෙනකු හොරිවිල ප්‍රාදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි. ප්‍රේම සම්බන්ධයෙන් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදු කර ඇති බවත් පොලිස් යතුරු පැදිය තරුණිය පැහැරගත් වෑන් රථය පසු පස එනු දුටු සැකකරුවන් එම තරුණිය අතරමග දමා ගියද පොලිස් යතුරු පැදිය ඔවුන් පසුපස හඹාගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහාතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම වැඩක්නේ... කඩෙන් බඩු උස්සනවා වගේනේ කරන්නේ... මෙහෙම ගියාම ලංකාවේ ඉන්නේ කොහොමද ? මෙහෙම ගියොත් රට ගෝත්‍රික රටක් වෙනවා. දැන්ම පුජිත මහත්තයෝ නීතිය දැඩිකරවලා අපේ රට හදන්න.
බිය නැති පොලිස් මහත්වරු දෙපලට සුබ පැතුම්. ඔවුන්ට විශේෂ ඇගයීමක් කරන්න.
ඉස්සර වගේ නෙමේ... සමාජයට සෑහෙන්න කරදර සිදුවෙනවා දැන්...
කොහොමද අපේ යහපාලනය... බුදු සරණයි..!!!
යහපලානය කියන්නේ "ලිච්ඡවි පාලනයෙන් ඔබ්බට ගිය සප්ත පරිහානි ධර්ම වලින් පිරිපුන් " පාලනයක් බැවින් අපේ රට හොරු සහ මංකොල්ලකාරයන්ගෙන් පරිපූර්ණ වෙලා. දේශපාලකයන් නිසා පොලිසියට නිසි බලය සහ නීතිය යොදවන්න නොහැකිවෙලා වෙලා. එහෙත් තම ජීවිතයන් පරදුවට තබා සැකකරුවන් පසුපස හඹාගොස් ඔවුන්ව අත්අඩංගුවට ගත් හබරණ පොලිසියේ නිලධාරීන් දෙපලට අපගේ ප්‍රණාමය...
පැත්තකින් ඩෙංගු වසංගතය, අනිත් පැත්තෙන් පාතාල වසංගතය තව පැත්තකින් කුඩු මත්ද්‍රව්‍ය අපචාර වසංගත, පාලකයෝ ජනතාව අන්දවනවා පැයෙන් පැයට.... ජනතාවත් මහලම ඇඳගන්නවා... කවදද මේක ඉවර වෙන්නේ?