(කුෂාන් ජයවර්ධන)
කැකිරාව මරදන්කඩවල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් ලක්ෂ 10කට අධික මුදලක් අද (02) යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කොල්ලකා පලාගොස් ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
එම මුදල් බැංකුවේ තැන්පත් කිරීම සඳහා ඉන්ධන පිරවුම්හලේ සේවකයකු කැකිරාව නගරයට රැගෙන යමින් සිටියදී ඒ 9 මාර්ගයේ 99 වැනි කිලෝමීටර් කණුව අසලදී මෙම කොල්ලකෑම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මුදල් රැගෙන පැමිණි සේවකයාගේ යතුරු පැදිය හරස්කොට පිහියක් පෙන්වා බිය ගන්නවා සේවකයා සතුව තිබූ මුදල් කොල්ලකා පලා ගොස් ඇත.
COMMENTS
ඉන්ධන පිරවුම් හලකින් ලක්ෂ 10 අරගෙන යනකොට වැඩිපුරම තියෙන්නේ 1000/- 500 - වගේ නෝට්ටු නිසා මල්ලක තමයි ගෙනියන්නේ. ඒක හැමෝටම පෙනෙන නිසා ආරක්ෂාවට දෙතුන් දෙනෙක්වත් ගියානම් තමයි හොඳ.