(ටී.කේ.ජී. කපිල)

ව්‍යාජ ගමන් බලපත්‍ර සකසාගෙන ඕස්ට්‍රේලියාවට යාමට තැත්කළ බව කියන ශ්‍රී ලාංකිකයින් 25 දෙනකු එරටින් පිටුවහල් කර ඇති අතර ඔවුහු අද (15) කටුනායක ගුවන්තොටුපලට පැමිණියහ.

මෙම පිරිස මැලේසියාව හරහා ඕස්ට්‍රේලියාවට යාමට තැත් කර ඇති බවත් ඔවුන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් ගුවන් තොටුපළ ආරංචි කියයි.