IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඕමානයේ සිට ශ්‍රී ලංකාවට තැපැල් පත් සහ තැපැල් භාණ්ඩ එවීම තාවකාලිකව අත්හිටුවයි


( තිළිණි ද සිල්වා )


නැවත දැනුම් දෙන තුරු  ඕමානයේ සිට ශ්‍රී ලංකාවට තැපල් පත් සහ තැපැල් භාණ්ඩ යැවීම තාවකාලිකව අත්හිටුවීමට  ඕමාන තැපෑල තීරණය කර ඇතැයි එරට පළවන ටයිම්ස් ඔෆ්  ඕමාන් පුවත් වෙබ් අඩවිය අද  (19) වාර්තා කළේය.

ලංකාව තුළ මතු වී ඇති අනපෙක්ෂිත තත්ත්වයක් හේතුවෙන්  ඕමාන රජය ගත් තීරණයක් මත කිසිදු තැපෑලක් එරටට නොයැවීමට තීන්දු කළ බවද  ඕමාන තෑපල් සේවය සඳහන් කර සිටී.

ශ්‍රී ලංකාවේ තැපැල් සේවය කිසිදු ජාත්‍යන්තර තැපැල් පත් බාර නොගන්නා බවට ශ්‍රී ලංකා බලධාරීන් විසින් විද්‍යුත් තැපෑල ඔස්සේ කළ දැනුම් දීමකින් පසුව මෙම තීරණය ගත් බව  ඕමාන් තැපැල් සේවයේ නිලධාරියෙකු උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ්  ඕමාන් පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මෙරට තැපැල් සේවක ගැටලූ කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ඉකුත් 11 වැනිදා සිට ක‍්‍රියාත්මක කළ දිවයින පුරා තැපැල් සේවක වැඩවර්ජනයක් පවත්වමින් සිටින අතර තැපැල් සේවකයින් 26000කට වැඩි පිරිසක් තැපැල් සේවා වලින් ඉවත්ව සිටිති.

 



අදහස් (0)

ඕමානයේ සිට ශ්‍රී ලංකාවට තැපැල් පත් සහ තැපැල් භාණ්ඩ එවීම තාවකාලිකව අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 539 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 485 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site