(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දමන එක්ගල්ඔය වැවේ ඔරු පැදීමට ගිය නව දෙනකුගෙන් යුත් පිරිසක් ගමන් ගත් ඔරුවක් පෙරැළිමෙන් ඉන් සිව් දෙනකු අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි.
බදුල්ල ප්‍රෙද්ශයේ පාසලක සිසුන් පිරිසක් සංචාරයක් පැමිණ ඇති අතර ඉන් පිරිසක් අද පෙරවරුවේ 7.00 පමණ ඔරැවක නැගී වැවට ගොස් තිබේ.
පවතින සුළං තත්වය සමඟ ඔවුන්ට ඔරුව පාලනය කිරිමට නොහැකිව ඔරුව පෙරැළී මෙම පිරිස අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.
මෙහි නවදෙනෙක් ගොස් ඇති අතර පස්දෙනෙකු බේරී ගොඩට පැමිණ ඇති අතර දැනට අතුරුදහන්ව ඇත්තේ විදුහල්පති, ගුරුවරයකු, මුරකරුවෙකු සහ සිසුවෙක් බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අම්පාර ප්‍රජා පොලිස් ඒකකයේ පිහිණුම් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම සිදුවිම වු ස්ථානයට යවා අතුරුදහන් වු අය සෙවීමේ කටයුතු ආරම්භ මේ වන විට අරඹා තිබේ


COMMENTS
හරිම කණගාටුදායක සිද්ධියක්. මේ අනතුරු වැඩිහරියක් ලේසියෙන් වළකාගන්න පුළුවන් ඒවා... වගකිව යුත්තෙක් විදියට විදුහල්පති මේ ගමන යන්න ඉඩදීපු එකත් වැරදියි. පාසලේ ළමුන් සමග විදුහල්පති හෝ ගුරුවරයෙකු ඔවුන් බාරව පැමිණියා නම්, ඒ වගකීම ඔවුන් දරන්න ඕනේ. දෙමව්පියෝ දරුවෝ එවන්නේ ඒ විශ්වාසය ඇතිවයි. මෙතැනදී විදුහල්පතිත් හරියට වතුර දැක්කේ නැහැ වගේ යාම හරිම අවාසනාවන්ත දෙයක්.
මගේ යෙහෙළියක්ගෙ තාත්තා කෙනෙක් මේ අනතුර නිසා මිය ගියා. තවත් මේ වගේ අනතුරු සිදුවීම වළක්වාගන්න සියලු දෙනාගේම අවදානය යොමුවේවා...
ලයිප් ජැකට්, ලයිප් ජැකට්... කොච්චර මේ ගැන මතක් කරනවද?
ඒ මේ අයගේ අනාරක්ෂිත බවයි.
අද අම්පාරේ ඔයේ බෝට්ටුවකින් යන විට පෙරලී අතුරුදන් වූ බදුල්ලේ විදුහල්පති ඇතුළු පිරිස පිළිබඳ පුවත අතිශය සෝචනීය පුවතක් - විනෝද ගමන් හෝ අධ්‍යාපන ගමන් දරුවන්ව යවන්නේ විදුහල්පති විශ්වාස කරග... මේ අය මොන එකකට අම්පාරට - වියානා ඇල ගාවට මරුවා සොයාගෙන එනවද කියලා පත්තරවල කොතරම් පලවෙනවාද? ඒවා බලලාවත් මේ වගේ අනතුරු අඩුකරගන්න බැරි වෙලා...