IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඔම්බුඩ්ස්මන් ළමාරක්ෂක අධිකාරියෙන් වාර්තාවක් ඉල්ලයි


 
බිඟුන් මේනක ගමගේ
 
ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම් ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන තමන්ට ලැබුණු පෙත්සම අදාළව සති දෙකක් ඇතුළත වාර්තාවක් සපයන්නැයි පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයා ජාතික ළමාරක්ෂක අධිකාරියට දන්වා ඇත.
 
1981 අංක 17 දරණ පනතේ ප්‍රකාරව තමා වෙත පැවැරුණු බලතල යටතේ මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නේ යැයි පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් තිස්ස ඒකනායක මහතා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට ලිඛිතව දන්වා ඇත.
 
අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා තේරීපත් වූ සුදුසුකම්ලාභීන් 116 දෙනා විසින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ඔම්බුඩ්ස්මන්වරයා තීරණය කර තිබේ.
 
මෙහිදී විධිමත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල මගින් තෝරා ගනු ලැබූ 116 දෙනාගේ ලැයිස්තුවත් දේශපාලන හස්තයක් මගින් යොමු කර තිබූ 66 දෙනාගේ ලැයිස්තුවත් ඔම්බුඩ්ස්මන් කාර්යාලයට ලබාදීමට පැමිණිලිකරුවෝ කටයුතු කර ඇත. 
 
සුදුස්සන් 116 ක් දෙනෙකු තෝරාගෙන තිබියදී දේශපාලන හස්තයක් මගින් තවත් නම් ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යෑම ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය අභියාචනාධිකරණයට කළ රිට් පෙත්සම ද කරුණු සඳහන්ව තිබිණි.
 
මෙම කරුණු පිළිබඳ ලංකාදීප පුවත්පතින් දිගින් දිගටම අනාවරණය කෙරුණු අතර සුදුසුකම්ලාභීන් විසින් මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට, විෂය බාර ඇමැතිනී චන්ද්‍රානී බණ්ඩාර මහත්මියට, ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිලි කරනු ලැබීය.
 
එම කිසිදු පැමිණිල්ලකට අදාළව මැදිහත්මක් නොවූ බැවින් පසුගියදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට පවා සවිස්තරාත්මක කරුණු දැක්වීමක් කරන්නට ඔවුහු කටයුතු කළහ.



අදහස් (0)

ඔම්බුඩ්ස්මන් ළමාරක්ෂක අධිකාරියෙන් වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 779 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site