(සුජිත් හේවාජුලිගේ )
ඒකාබද්ධ විපක්ෂය ස්වාධින වීමට ඉල්ලා සිටියොත් ඊට ඉඩ දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධින වෙනවා නම් ඒ මන්ත්‍රීවරුන් ඒ බව සඳහන් කරමින් වෙන වෙනම ලිපි බාර දිය යුතු බවද ඔහු කීය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන්නේ නම් ඊට කිසිදු බාධාවක් නොකරන බව කී අමරවීර මහතා එසේ කටයුතු කිරීමට ඔවුන්ට අයිතියක් ඇතැයිද ප්‍රකාශ කළේය.
COMMENTS
එහෙම වෙලා අනිත් කට්ටිය එක්ක ආණ්ඩුව පෙරලලා ඒ ගොල්ලන්ගේ කෙනෙක් බලයට ගෙනෙන්න කටයුතු කළොත් ඒකටත් ඉඩ දෙනවද? වහෙන් ඔරෝ මොනවටද? එකනේ වෙන්න යන්නේ. නියපොත්තෙන් කඩාදාන්න තිබුණු දෙයක් දැන් කැති පොරෝ වලින්වත් කොටලා දාන්න බැරිවෙන තැනටම ඇවිල්ලයි තියෙන්නේ...
අනේ, ඔව් ඉක්මණට ස්වාධීන කරවන්න. අපිටත් ඕනෑ කරන්නේ ඒකම වෙනවා දකින්න. පක්ෂයෙන් ඉල්ලා අස් වුණාම මන්ත්‍රීකම අහෝසි කරන්නත් පහසුයිනේ...
මම හිතනවා ජනතා බලය ආපහු හොරුන්ට දෙන එකක් නැහැ කියලා.
කකුල් දෙක දෙපැත්තේ තියාගෙන අස්වීමේ ලිපිය බාරදී ආපහු කොයි කකුලවත් උස්සන්න ඉඩදෙන්න එපා. යන කට්ටියට යන්න කියන්න. හැබැයි ආපහු එනු බෑ. පක්ෂත් හැදෙයි රටත් හැදෙයි. සමහර කට්ටිය ඉන්නවනේ පහුගිය අවුරුදු 10-15 ඇතුලත පක්ෂ වලින් යනවා ආපහු එනවා ආයි යනවා.
කණ්ඩායමම ස්වාධීන වෙනවා වෙනුවට පොදුජන පෙරමුනේ මහ සභාවක් කැදවා ඒහි බලය තහවුරු කරගන්න