දමැස්කස්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ඇමෙරිකා ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවට අයත් යානයක් එල්ල කළ ප්‍රහාරයකින් සිරියානු හමුදාවට අයත් යානයක් කඩා වැටුණු බව වාර්තා විය.
සිරියානු රජයේ හමුදාවලට අයත් එම ප්‍රහාරක යානය අයි.එස් සංවිධානයට එරෙහිව සටන් වදින තම මිත්‍ර පාර්ශවලට ප්‍රහාර එල්ල කළ බවත් එමනිසා ඊට වෙඩි තැබූ ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සඳහන් කළේය.
ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා සිරියානු රජයේ හමුදාවලට අයත් ප්‍රහාරක යානයක් බිමහෙළු පළමු අවස්ථාව මෙය විය. මෙය බරපතල ප්‍රහාරයක් යැයි ද දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ප්‍රහාරය හෙළා දකිමින් සිරියා ආණ්ඩුව ප්‍රකාශ කර තිබිණි.
සිරියානු යුද්ධය මේ වනවිට සයවැනි වසරටත් දිග්ගැස්සෙමින් තිබෙන අතර ඉතා සංකීර්ණ සහ දරුණු යුද්ධයක් බවට පත්ව තිබේ. රකාහි අයි.එස් ඉලක්ක වෙත තම හමුදා ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ප්‍රකාශ කරන අතර ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා විපක්ෂ කණ්ඩායම්වලට සහයෝගය දක්වන බවට සිරියානු ආණ්ඩුවත් රුසියාවත් චෝදනා කරයි.
වත්මන් තත්ත්වය තවත් සංකීර්ණ කරමින් ඉරානය ඉරිදා (18) දිනයේදී අයි.එස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය. තම රටට එල්ල වූ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස සිරියාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි දීර් ඊසෝර් පළාතේ අයි.එස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය නිවේදනය කළේය.
අයි.එස් ජිහාද්වාදීන්ට එරෙහිව සටන වදින සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායට ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවලට සහාය හිමිව තිබේ. එම බලකාය කුර්දි සහ අරාබි සටන්කරුවන්ගෙන් සමන්විතය. රකා යනු අයි.එස් සංවිධානයේ සිරියානු බලකොටුවයි. රකා සටනට සිරියානු රජයේ හමුදා එක්ව නොසිටින අතර රජයේ හමුදා නගරයේ නිරිත දිග ප්‍රදේශවල සටන්වදියි.
055
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2130
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඒකාබද්ධ ප්‍රහාරයෙන් සිරියා හමුදා යානයක් කඩා වැටෙයි