නාලක සංජීව දහනායක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායමද සහභාගීවනු ඇතැයි වාර්තාවේ.
මෙම රැස්වීමට සහභාගීවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා අතර අද (18) පෙරවරුවේ සාකච්ඡාවක් පැවති බවද වාර්තාවේ.
මෙම රැස්වීම හෙට (19) පෙරවරු 11.30ට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 4දී පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 16 එදා හිටියෙත් මහින්ද එක්කයි. ඊට පස්සේ හිටියෙත් මහින්ද එක්කයි. අද ඉන්නෙත් මහින්ද එක්කයි.
අනාත සෙට් එක.
මහජනතාව මහින්ද සමග
මෙයාලගේ කෙරුවාවල් අපි දන්නවා. කවදාහරි හොරු මහා හොරා ලඟට යනවා, නැත්නම් පැවැත්මක් නෑනේ.