(සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්ෂය කොළඹ ලොකු ජනගඟක් ගෙනාවත් පැහැදිලි ඉලක්කයක් නොතිබූ නිසා ඒ විරෝධය ආණ්ඩුවට නොදැනුණු බව එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවැසූහ.
ඒකාබද්ධයේ උද්ඝෝෂණය අදේශපාලනිකයි යැයිද උන්වහන්සේ කීහ.
අතුරලියේ රතන හිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.
‘‘මේ අරාජික ආණ්ඩුවට විරුද්ධව ජනතාව ලක්ෂ ගණන් පෙල ගස්වන්න ඕන. ඒකෙ දෙකක් නැහැ.නමුත් ඒ විරෝධතා වැඩපිළිවෙළට පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕනෑ.ඒකාබද්ධ විපක්ෂය කොළඹට ලොකු ජන ගඟක් ගෙනාවත් ඒ විරෝධයට පැහැදිලි හා විධිමත් ඉලක්කයක් තිබුණේ නැහැ.
මේ තරම් විශාල මුදලක් වැය කරලා කැපවීම් කරලා සෙනඟ ගෙනවිත් ආණ්ඩුවට කරපු බලපෑම මොකක්ද.ඒ විරෝධයෙන් ආණ්ඩුවට වුණු බලපෑම අඩුයි.ආපු සෙනඟ හැටියට ඒ බලපෑම වුණේ නැහැ.
සිංගප්පූරු ගිවිසුම පරාද කරන්න ඕන දෙයක්.ඇත්ත වශයෙන්ම මේ වගේ සෙනඟක් පාවිච්චි කළා නම් ඒක පරාද කරගන්න තිබුණා.මේ වගේ දේවල් කරනවා නම් හරි විදිහට දේශපාලනික අරමුණක් ඇතිව කරන්න ඕනෑ.ආණ්ඩුව පෙරළනවානම් ඒ ඉලක්කයටම විරෝධය මෙහෙයවන්න ඕනෑ.‘‘
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඒකාබද්ධයේ විරෝධය ආණ්ඩුවට දැනුනේ නෑ - රතන හිමි
gunarathna Friday, 07 September 2018 01:25 AM
ආණ්ඩුවේ ඉඳගෙන ඔබවහන්සේ කියන දෙයක් සත පහකට ගණන් ගන්නේ නැති ආණ්ඩුව මේ වගේ දේවල් ගණන් ගනීවිද.
Samathasena A . Aluthgamage. Friday, 07 September 2018 02:09 AM
ලිඳෙන් වතුර බීලා එයින් වතුර නාලා ලිඳට ගල් ගසාලා වතුර බොරකරයි මිනිසා වතුර බොරකරයි මිනිසා වතුර බොරකරයි..
සමන්ත Friday, 07 September 2018 02:51 AM
යූ.ඇන්.පී එකෙන් ජාතික ලැයිස්තුවෙන් ඇවිත් ආණ්ඩු පෙරලන්න උඩගෙඩි දෙනවා නම් මන්ත්‍රී කමෙන් අයින් වෙලා යන එකයි තියෙන්නේ.
sam Friday, 07 September 2018 08:54 AM
අපේ හාමුදුරුවනේ, මේ ආපු පිරිසගේ බලාපොරොත්තු ඉටු උනානම් ඒ ඇතිනේ . ඒ ගොල්ලෝ බලාපොරොත්තු උනේ මත්පැන් බොන්නයි, කෑම පාර්සලයකුයි අතට මුදලකුයි පමණයි . ඒවා ඉටු උනා . වෙන මොනවද ?