විනීතා එම් ගමගේ
ඒකාධිපති පාලනයක් සුදුසු යැයි කියන තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටීම පවා සුදුසු නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
එවැනි පාලනයක් ගැන කථා කරන කවරෙක් හෝ ඇත්නම් ඔහු දේශපාලන භූමියෙන් ඉවත් කළ යුතු යැයි ද, තමන් කැමති කිසිවක් කළ නොහැකි පාලනයක් බවත් එවැන්නකට ශ්‍රීලනිපයේ දැඩි විරෝධය පළ කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.
කිළිනොච්චියේ දී ඊයේ සිදුවූ කොටියෙකු වද දී මරා දැමීමේ සිද්ධිය වැනි සිදුවීම් සිදුවන්නේ මෙවැනි ප‍්‍රකාශ නිසා දැයි සිතෙන බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.
ශාන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (22) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණු සභාපතිවරයා මෙසේ ද කීය.
‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලූ දෙනාට අවස්ථා ලබා දෙන පක්ෂයක්. ශ්‍රී ලනිප සාමාජිකත්වයට පමණක් නොවෙයි, සමස්ත තාරුණ්‍යයම වෙනුවෙන් වූ වැඩ පිළිවෙළක් සකස් කළා. ඒ තාරුණ්‍යයට පොදු ප‍්‍රශ්නවටල පිළිතුරු සමගිනුයි. විසඳුම නමින් ඉදිරිපත් කරන ඒ වැඩපිළිවෙළ පක්ෂ භේදයකින් තොරව සියලූම ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙනුවෙනුයි. ඒ යටතේ තරුණ සමිති 14000 ක් ආරම්භ වෙනවා ඇති.
ඒ හරහා තරුණ බල මණ්ඩල,හා ජාතික බල මණ්ඩලයක් පිහිටුවා විවිධ සමාජ සේවාවන්ට සම්බන්ධ වෙන්නත් සුදානම්. රටේ තාරුණ්‍යයට පිළිතුරු ගෙන එන මේ වැඩ පිළිවෙළ ලබන අගෝස්තු මාසයේ ආරම්භ වෙනවා.
තාරුණ්‍යයේ මත සාකච්ඡා කර රැකියා මාර්ගෝපදේශන වැඩසටහනක් වශයෙන් පටන් ගන්නා මේ වැඩසටහන කෙටිම කාලයකින් පටන් ගන්නා වැඩ සටහනයි.
COMMENTS
ඒ ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටනේ. නායක හාමුදුරුවෝ අනු දැන වදාළේ වෙන පක්ෂයක් ගැනනේ...
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය" එහෙම එකක් දැන් තියෙනවද?
බෙදා හදාගෙන කන්න එපාය නේද මලයෝ
කොටියා මරලා තියෙන්නෙත් එ්ක නිසා, පව් ශාන්ත ඔයා ...
බණ්ඩාර මහත්තයෝ, ලංකා ඊ නිව්ස් එක ලංකාවේ අවලංගු කළ, තරුණයන්ට - විශ්ව විද්‍යාල සිසුන්ට කදුළු ගෑස් ගහන එ්කාධිපතියා ඉන්නේ එ්රොප්පේද? එජාපයද? පොහෙට්ටුවේද? නැත්නම් ලංකාවේ ජනපති මැදුරේද?
දන්නා කාලේ ඉඳලා 1948 වෙනකන් අපි පාලනය වුනේ ඔය ඒකාධිපතියන් යටතේ ....
රට හදන්නනම්, ඉල්ලන්න ලී ක්වාන් යූ. සී ජින්පින්, වින්සට් චර්චිල්, ලින්කන් වගේ උත්තරීතර නායකයෝ.රුධිර ගංගා දකින්න අාසනම් හිට්ලර් වගේ එ්කාධිපතියන් ඉල්ලන්න.
හිට්ලර් කියන්නේ කව්ද කියලා නොදැනද ඔය දේශනාව කියන්නේ? බෞද්ධයෝ වශයෙන් හිතන්නවත් නුසුදුසු නමක්. අපේ ගෝඨා මහත්තයාට උපමා කළානේ. අනේ අම්මපා මේ දේශනවලට අපිටම ලැජ්ජයි.
ධනුෂ්ක මහතා, සුරුවම් වලට වඳින අපට ඔබේ අදහස කොහෙත්ම අදාළ වන්නේ නැත.