චමිල් රුපසිංහ
එෆ්.සී.අයි.ඩීය විසුරුවා හැරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් එය නීති විරෝධී ආයතනයක් බවත් මෙම නීතිවිරෝධී ආයතනයට එරෙහිව මේ වනවිට සුප්‍රීම් අධිකරණයට ගොස් තිබෙන බවත් හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, අග්ගමහා පණ්ඩිත අපවත් වි වදාළ අලුත්ගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව පුද කිරීමෙන් පසුව හිටපු ජනපතිවරයා අද (5) මෙසේ පැවසීය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව බොරු නඩුවක් ගොනුකර තිබෙන බවත් එෆ්.සී.අයි.ඩී ආයතනය මගින් සිදු කෙරෙන්නේ දේශපාලන පළිගැනීම් බවත් එවන් දේ සිදු නොකරන ලෙස තමන් රජයට ප්‍රකාශ කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය.
හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න,මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ,මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම පොලීසි විසුරවා මොහු සහ අනිත් හතලිස් දෙනාත් සතුටු කළානම් නරකද?
එහෙමද ආස...? එතකොට රජ පවුලේ හොරමැරකම් ඔක්කොම එක පෑන් පහරින් අවලංගු කර ගන්න පුළුවන්නේ. හොඳයි අපි බලමු සුප්‍රීම් උසාවියට ගිහින් වැඩේ කනපිට හරවයිද කියලා...
රටේ මහහොරු ටික රැකගන්න නම් හොඳ යෝජනාවක්... ලැජ්ජා නැති කතා මේවා...
හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගෙන් හා ෆොන්සේකාගෙනුත් පළි නොවෙයිද ගත්තේ? දැන් තේරෙනවද?
එතකොට කට්ටියට මරු නේද ..? තමන් නිවැරදි නම් අැයි මේ කලබල වෙලා...
අැයි මෙයාගේ, ළමයින්ගේ, බිරිඳගේ, ආච්චිගේ සහ සහෝදරයින්ට තියෙන හොරකම් සහ මිනීමැරුම් නඩු වලින් බේරෙන්න වෙන්න ඇති. අනේ අම්මපල්ලා අපේ රටේ මෝඩ තකතීරු මිනිස්සු මොවුන්ට හුරේ දානහැටි...
දැන් අවුරුදු 3 ක් තිබ්බා... මොකද වුනේ? තිබ්බත් නොතිබ්බා වගේ තමයි.
කෑල්ල කෑල්ල ප්‍රචාරය වුනාට සම්පුර්ණ කතාව ප්‍රචාරය වෙන්නේ නැහැ. මේ කපේදී මේ අයට විරුද්ධව කිසිම නඩු තීන්දුවක් දෙන්නේ නැහැ.
මොනවද මේ කියන්නේ? එෆ්.සී.අයි.ඩී ය පිහිටුවා ඇත්තේ පාර්ලිමේන්තු පනතකින් සම්මත කර, නීතිගත කරලා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම උදෙසා ජනතාව විසින් ඉල්ලලා පත් කල ආයතනයක්. මේ කියන මමත් එහෙම ඉල්ලුවා. එතකොට දැන් මේ කියන්නේ අපරාධ වී ඇත්නම් සෙවීම නීති විරොධී කියලද? එහෙම යම් ආයතනයක් අපරාධ සෙවීම නීති විරොධී නම් උසාවි ගිහින් ඒ ගැන කතා කරනවා මිසක් පන්සල් ගානේ කියා කියා ඇවිදින එක නිවැරදි පුද්ගලයෙකුගේ චර්යාව නොවෙන බව මෙතුමා මතක තබා ගත යුතුයි.
මෙහෙම දිගට හරහට බයවෙලා, මෙතරම් උසස් වැදගත් අවස්ථාවකදී කල යුතු කතාවක්ද මේ කරලා තියෙන්නේ? හිටපු ජනාධිපති කෙනෙක් කිවයුතු දෙයක්, තැන නොතැන නොබලා පවසන එක මෙයාගේ උපන් දක්ෂ කමක්ද කියාත් අපට හිතෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව බොරු නඩුවක් ගොනුකර තිබෙන බව මෙයා කොහොමද දන්නේ ?
චෝදනා වලට මුහුණ දෙන්න ශක්තිය නැහැ වගෙයි
ජොන්ස්ටන් ප්‍රනාන්දු ගැන ඔබතුමා තීන්දු දෙන්නේ කොහොමද?
ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා. ඕක තමයි පොහොට්ටුවේ කට්ටියට ඕනේ. ඔන්න ඕක විසුරුවලා දැම්මා නම් උද්ඝෝෂණ පෙළපාලි මොකුත් නැහැ. ඩොලර් වැඩිවීම ජීවන වියදම. වැඩිවීම් රජයේ නොහැකියාව ඔය සියලු කතා ඔක්කොම නවතිනවා.
රෙදි ඇඳගෙනද දන්නේ නැහැ කතා කරන්නේ..? FCID නැති කළාම මේ අයට බේරිලා හිටිය හැකිනේ... ජොන්ටා වැරැද්ද පිලි අරගෙන තියෙද්දිත් මහ හොරානේ ඔහුව සුදනා කරන්න හදන්නේ...
අර බමුණු මහත්මයා මේවට මුකුත් කියන්නැහැ.
ඔබ හරි නමුත් අනාගතයදී බුද්ධිමත් ජනතාව හරි තීන්දුව දේවී.
මේ රට පුරවැසියන්ට අයිති නැද්ද? රටේ නීතියක් නැද්ද? රටවැසියන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? හරි පුදුමයි මේ ධර්මදීපය මෙතරම් නරකද? පොඩි ළමයෙක් ආදර්ශයක් ලබාගෙන යහපත් පුරවැසියෙක් වෙන්නේ කෙසේද ?
මේ කෑගහන්නේ සාධාරණ හේතුවක් හින්දා නෙවේ රජය කල යුතුතේ මෙහි ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කර මේ තිබෙන නඩු වහාම නිරාකරණය කර දඩුවම් ලබා දීමයි.
මොකද ඔබතුමාට බයද
රජෙක් වගේ ඉන්න තිබුණු කෙනෙක්ට... වුණු දෙයක්... අන්තිමට... කොහොම හරි නරක නාම ..ගාගෙන ..පාරවල් වල, පන්සල්වල ඇවිද ඇවිද ඉන්න වුණානේ...
OMG- ඒ කියන්නේ නීතියක් නැති රටක් කරන්නද යන්නේ?
තව වෙසක් පෝය කීයද? බලයට ආවට පස්සේ ඒවා ටක්කෙටම බලාගන්න බැරියැ...