(ඉන්දිකා රාමනායක)
කයිට්ස් පුංකුඩුතීව් ප්‍රදේශයේදී විද්‍යා සිවනෝගනාදන් දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නැමැත්තාට කොළඹට පැන යාමට ආධාර අනුබල ලබාදුන්නැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම අද (20) අනුමැතිය ලබා දී තිබේ.
ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කරන ලෙසට අනුමැතිය ඉල්ලා පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමට යොමු කර තිබූ ලිපියකට අනුව අද මෙම අනුමැතිය ලබාදුන් බව පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
හෙට (21) දිනයේ මොහුගේ වැඩ තහනම් කිරීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට වඩා ඩී.අයි.ජී.ලා දැන් බන්ධනාගාරෙනේ ඉන්නේ...
රාළහාමිලා මීට වඩා වගකීමකින් වැඩ කල යුතුයි.
කරනකලට පවු මීරිය මිනි සේ, වින්දිනකලට දුක් දැඩි වෙයි ගිනිසේ .......... . නිලබලය අපයෝජනය කිරීමේ ප්‍රතිපල. සියළු නිලධරුවන්ට පාඩමක්.