( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 කට මරු කැදවමින් ඇති වු කැරැල්ල සිද්ධියට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා මිලියන 5 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග ලබා දුන්නේය.
තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා එමිල් රංජන් ළමාහේවා මහතා ගොනු කළ ඇප අයදුම්පත සලකා බලමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ළමාහේවා මහතා දැනට වසරක සිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ පව් නේද කර ගැහුවේ, හිරකාරයෝ ඕකට කියන්නේ අලගුවට පාන් කනවා කියල . ඔබ තුමා හිර ගෙදර ලොක්ක නිසා එක තේරුම හොදට දන්නවා නේද