(අංජුල මහික වීරරත්න )
යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද ( 31) යවනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයක් එකමුතුවෙන් නව සමගි සන්ධාන රජය පිහිටුවන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යැවු ලිපියේ සඳහන්ය.
රාජපක්ෂ ණය කන්දරාවද ගෙවමින් ජනතාවට උපරිම සහන දීමට සහ රටේ ප්‍රජාතන්ද්‍රවාදය තහවුරු කිරීමට කැමැත්ත පළ කරන සියළු පක්ෂවලට සමගි සන්ධාන ජාතික රජයට එක් විය හැකි බව සභා නායක , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණේ සමඟි සන්ධාන ජාතික රජයට සම්බන්ධ වන පක්ෂ මොනවාදැයි ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ඔප්පු කරන්නේ යැයිද ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
COMMENTS
පොරොන්දු වුන පරිදී දුෂිතයන් සියල්ලටම නිසි දඬුවම් ලබා දෙන්නේ නැතුව ඔය මොන උප්පරවැට්ටි ඉදිරිපත් කලත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ඒ වැඩේට කාලය මදි වේගෙනයි එන්නේ. ඒ අතරේ නායකයින් දෙපල දෙපැත්තට ඇදගන්නා වාතාවරණයක් ඇතිව තිබෙන නිසා මේ කෙටි කාලය තුල අවුරුදු හතරකට බැරි වුන මොන දෙයක්වත් කෙරෙයි කියලා හිතන්න අමාරුයි.
කැබිනට් ඇමති සංඛ්‍යාව වැඩි කර ගන්න ගහපු ගැටයක්. මෙයාලා හදන්නේ ව්‍යවස්ථාවේ හිල් වලින් රිංගන්න. ජවිපෙ අනුර කුමාර මන්ත්‍රීතුමා කලින්ම ඔය ටික කිව්වා.
එජාප, ජවිපෙ, ටීඑන්ඒ = සමගි හවුල
ගිලෙන බෝට්ටුවල ඉන්න අය තවත් ගිලෙන බෝට්ටුවක එල්ලෙනවා ඒක ස්වාභාවිකයි. නොගිලෙන බෝට්ටුවලට ගොඩවෙන්න බැහැ.
ආයිත් උප්පරවැට්ටියක් යොදා ඇමති පට්ටම් වැඩිකර ගෙන මහජන මුදල් කාබාසිනියා කරන වැයමක්
ඕක නම් තව කට්ටියකට ඇමතිකම් දෙන්න කරන උප්පර වැට්ටියක්. ඕවා කරලා ඡන්දයක් දිනන්න හම්බ වෙන එකක් නැහැ. අර දඬුවම් කරනවා කියපු දූෂිතයෝ තවම එළියේ. පටන් ගත්තට වහන්නේ නැති උසාවිවලටත් දැන් අතීසාරේ බෝවෙලා වගේ. නඩුකල් යනවා. ඔහොම ගියොත් කොටඋඩ තමයි.