ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක , එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කිරිම සදහා වන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.
‘පරිවර්තනයක ඇරැඹුම‘ මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ 73 වැනි සමුළුව, එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වෙයි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති. එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝද රැසක් මෙම සම්මේලනයට එක්ව සිටිති.
(36698)











(ඡායාරූප -ළහිරු හර්ෂණ)

COMMENTS
ප්‍රේමදාස යුගයක්ලු නොවැ ළඟළඟ එනවා කියන්නේ... අපේ තරුණ මල්ලිලා නංගිලා ඉක්මනට පරණ ටයර් එකතුකරන ව්‍යාපාර පටන්ගන්න. ප්‍රේමදාස යුගය පටන්ගත්තාම පරණ ටයර්වලට හොඳ මිලක් එයි. ඔයාලා පරණ ටයර් ආණ්ඩුවට විකුණලා පෝසත් වුණාම උපදෙස් දීපු මාව අමතක කරන්න එපා.
මේ අවුරුදු හතරේ කරපු පරිවර්තනේ හොඳටම ඇති මේ රටට. මේ පාර මොන වගේ පරිවර්තනේකටද දන්නේ නැහැ අර අඳින්නේ. මේ පාර වරද්ද ගත්තොත් අපිට රටක් විදියට හිඟාකන්න තමයි වෙන්නේ. මේ පාරත් සජිත්ගේ ලේබලේ ගහලා ගේන්නෙත් රනිල්ම තමයි.
හෙනම ගහපං කාලකන්නි ත්‍රස්තවාදී, මිනීමරු පක්ෂයට
දුප්පතාගේ හිතවතාට ජයවේවා...!!!
අනිවාර්යෙන්ම සජිත් තමයි ජනාධිපති. ඒක කාටවත් නවත්තන්න බැහැ.
පක්ෂය තුල කුලල් කන අය එළියේ නටන්න පටන්ගන්නේ අද ඉඳල. සජිත් ව පරද්දන්න කට්ටියකුත් ඇතුළෙන්ම වැඩ. ඒ කියන්නේ සජිත් දිනන එක කොහෙත්ම වෙන්නේ නැහැ.
අවුල තියෙන්නේ අපෙක්සක කම ස්තීර උනාම පසුව එන එකගතා හෝ කොන්දේසි. රනිල් ඉදිරියටත් පක්ෂ නායකයා, අගමැතිගේ එකගතා මත ජනාධිපති රට පාලනය කිරිම. ඒ අවුලට පසුව තියෙනවා නයකත්ව මංඩලයක්. රාජිත, පා.ච.රණවක, හකිම්, බදුදීන්, මනෝ, දිගම්බරම්, දෙමළ සංධානය.
මට මේ ප්‍රවුර්තිය දකිද්දී එකපාරටම මතක් උනේ අර බ්ලෙස්ලට් යුගයයි , ඩෙනිම් යුගයයි
බැංකු හොරුන්,නිදන් හොරුන්,ඇත් දළ හොරුන්,අන්තවාදීන්,මිනීමරුවන්,කුඩුකාරයන් එකම වේදිකාවේ.
තාමත් මේ කාලකන්නි පක්ෂයට කඩේ යන ඡන්දෙ දෙන හැතිකරේ ඉන්නවනේ...
රනිල්, සජිත්, අකිල, රවී සමග තිස්ස සහ බාකිර් මාකර් එක්වීම එ.ජා.පෙ. අති විශිෂ්ඨ ජයක් නියතයි.. 1977 වගේ.
පවුල් පාලනය ගැන කෑ මොර ගසන අයත් තාත්තගෙන් පුතාට ප්‍රතිපත්තිය අනුගමනය කරන්න සූදානම් වෙමින් සිටින්නේ. එසේ නොවේ යයි කියනවා නම් එය උඩ බලාගෙන කෙළගැසීමක් හා සමානයි.
මේ තමයි ශ්‍රී ලංකාවේ පීඩිත ජනයා ගේ දෙවෙනි ගැලවුම් කරු කියා මට හැගේ... මේක ඔහුට මම ජය නොපතමි අපේ මවු බිමේ දුප්පත් දුක්විදින දුගී පීඩිත ජනතාවට ජයවේවා සුභ අනාගතයක් වේවා කියා පතමි . රොහාන් දයාදර පැරිස්
පීඩිත පන්තියේ ජන නායකයාට තෙරුවන් සරණයි