ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
ළමා හා කාන්තා රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය උතුරට නැවත එල්.ටී.ටී.ඊ පාලනයක් අවශ්‍ය බව පවසමින් කර ඇති ප්‍රකාශය ගැන වහාම විනය පරීක්ෂනයක් පවත්වන ලෙස එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (03) පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ නායකත්වයෙන් සහ කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියහ.
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය සිදුකළ ප්‍රකාශ සමඟ කිසිසේත්ම එකඟවිය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බවත් ඔවුන් සඳහන් කළේය.
නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් අනාවරණය කර රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවු අක්‍රමිකතා පිළිබඳ සිදුවීම් අමතක කිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී මාධ්‍ය රංගනයක නිරතවූ බවද ඔවුහු ප්‍රකාශ කළේය.
මෙහිදී අසහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මෙසේ පැවසීය.
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපිට කිසිසේත්ම එකඟවෙන්න බැහැ. ඒ වගේ අය එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න සිදුවීම ගැනත් අපිට ලැජ්ජයි . ඒ නිසා හැකි ඉක්මණින් මේ ගැන තීරණයක් ගන්න කියලා අපි නායකත්වයට කියනවා. සියළු විනය ක්‍රියාමාර්ග ගන්න අමාත්‍යධූරයෙන් අයින් කරන්න, පක්ෂයේ තනතුරුවලින් ඉවත්කරලා උපරීම දඬුවම් දෙන්න කියලා අපි කියන්න කැමති . එතුමියගේ ප්‍රකාශයට අපි අපේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා.
හැබැයි මේ සිද්ධිය දඬමීමා කරගෙන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හැසිරුණ අකාරය අනුමත කරන්න බැහැ.
නිව්යෝක් ටයිම්ස් සිද්ධියෙන් කට උත්තර නැතිව හිටපු ඒකාබද්ධ විපක්ෂයේ අයට හොද ගොදුරක් හම්බවුණා.ඒ සිද්ධිය යටගහගන්න මේ විදිහට පාර්ලිමේන්තුවේ නාට්‍යයක් රගපෑවා.
එහෙම කියලා නිව්යෝක් සිද්ධිය යට ගහන්න දෙන්න බැහැ.ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සෙන්කෝලේ උඳුරගත්තා.අලුත් ස්ථාවර නියෝග අනුව ඔහුටත් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා යැයි මන්ත්‍රීවරයා කීවේය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන , චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප පසු පෙළ මන්ත්‍රීහු පරීක්ෂණයක් ඉල්ලති