
(***)
එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) පෙරවරුවේ පැවැති අතර රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙම දැන්වීම කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නව නායකත්වය සඳහා නම් හතරක් යෝජනා විණ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් එජාප උප නායක රවී කරුණානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයා ගමගේ සහ වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ නම් නව නායකත්වය සඳහා යෝජනා වී ඇත.
මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසුයේ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජ්‍යෙෂ්ඨ නායකයන් ලබන බදාදා (12) සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වී මේ නම් හතර ඉදිරිපත් කොට එඟතාවට පැමිණිය යුතු බවයි.
මේ අනුව ලබන බදාදා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වී එක්සත් ජාතික පක්ෂ නායක කවරකු දැයි තීරණය කරන බවත් ඉන් අනතුරුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිකුරාදා (14) රැස් කර ඒ තීරණය අනුමත කර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ‘‘ලංකාදීප’’යට පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දෙන නව නායකත්වයට තමාගේ සහයෝගය දෙන බව පැවසීය.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නව නායක තීරණය කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පත් කරන්නේ කවුරුන්දැයි ප්‍රකාශයට පත් කරන බවද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
4 දෙනාම ඩීල්කාරයෝ... මේ අය ඇවිත් මැරිච්ච එජාපයට පාංශුකූලය දෙයි. අනිච්ඡා වත සංඛාරා...!!!
පක්ෂය විනාශ කරලා ඒ අයටම නායකත්වය දෙන්න හදනවා. ඉන්න ටිකදෙනාටත් නැතිකරගන්න හදන්නේ රනිල්... රනිල්ට ඕනෑ එජාපය එදහටම නැතිකරලා දාලා රාජපක්ෂලාට හැමදාම රජවෙන්න අවස්ථාව හදලා දෙන්න.
නව එජාප නායකයා තෝරාගැනීම රහස් ඡන්දයක් මගින් සිදුකළොත් , එහි ඇති විනිවිද භාවය රටවැසියාට පෙනෙනු ඇත. නැතිනම් රැස්වීමේදී භයානක තත්වයක් ඇතිවී... විරුද්ධවාදීන්ට තවතවත් එජාපයට, එමගින් මඩගැසීමට අවස්ථාවක් උදාවෙනු ඇත.
එජාපයේ සුදුස්සන් නැත. මේ 4 දෙනාම ජනතාව පරාජය කරපු අය.
කොහොම වුණත් ගොඩ ඒමක් පේන තෙක් මානෙකවත් නැත. අනිච්ඡාවත සංඛාරා..!
පින්තූරයේ සිටින තෙවැන්නා කිසිවෙකු නොකළ ආකාරයට 2001 ත් 2004 ත් අතර කාලයේ විශ්‍රාමිකයින්ගේ මූලික වැටුප වැඩිකළත් ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ වී ජනතාවට එපාවූ අයෙකි. 4 වැන්නා ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරවා සුළුඅපනයන බෝගවගාව ගොවීන්ට එපාකරවූ අයයි. ඒ අතරම 4 දෙනාම තම තමා යෝජනා කළ බවක් අසන්නට ලැබුණා (මගේ පැටව් විසිතුරු යැයි අගේට කපුටාද කියයි එහෙම නැත්නම් උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු) නායකයා ගම්මට්ටමේ ශාඛා සමිති හරහා තෝරන්න...
සිරිකොත බේරගන්න පුළුවන් කෙනෙක් නායකයා කරන්න.
රටත් කාලා, පක්ෂයත් කාලා, ගමත් කාලා, ජනතාවත් කාපු පිරිසක් මේ... ඒක තමයි ජනතාව ඡන්දෙන් ඔප්පු කළේ...