තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
ගාල්ල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් හය දෙනෙකුට එරෙහිව ඒක පාර්විශ්වීය ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම හා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂ නායකයා , එම පක්ෂයේ මහලේකම්වරයා සහ පක්ෂය විනය කමිටුවට එරෙහිව අද (26) වාරණ නියෝගයක් නිකුත් කළේය.
ලබන මස 10 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම වාරණය නිකුත් කර ඇත.
අදාල නාගරික නමන්ත්‍රීවරු ගොනු කළ විභාග කළ පැමිණිල්ලක් අද සලකා බලමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ජයකී ද අල්විස් මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
ඒ.ඒ.මොහොමඩ් , මොහොමඩ් රෝෂන් , ෆවුසල් නියාස් , මොහොමඩ් සිරාස් සහ මොහොමඩ් නිලාම් නැමැත්තන් ගොනු කර තිබූ මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, විනය කමිටුවේ සාමාජිකයින් ඇතුළු හය දෙනෙකු නම් කර තිබිණි.
පෙත්සම්කරුවන් පවසන්නේ පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාස 20 න්ම එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කළේ ගාල්ල මහනගර සභාව පමණක් බවයි. ඒ අනුව තමන් හය දෙනා නාගරික මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වූ බවත්, ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු පත් කිරීමට සහාය දැක්වූ බවට චෝදනා කරමින් පක්ෂය තමන්ට එරෙහිව විනය පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔවුහු පවසයි.
එම පරීක්ෂණය සිදුකරන ආකාරය මුළුමනින්ම නීතියට පටහැනි සහ ඒකපාර්ශ්වික යැයිද , සාධාරණ යුක්ති ධර්මයට පටහැනි බැවන් එම පරීක්ෂණය පැවැත්වීම වලක්වාලන වාරණයක් හා තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් කොළඹ දිසා අධිකරණයෙන් ඔවුන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
677
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප නාගරික මන්ත්‍රීවරුන් හයකට එරෙහි විනය ක්‍රියාමාර්ග නවත්වන්න නියෝග