සිරංගිකා ලොකුකරවිට
ගාල්ල මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව එකසත් ජාතික නිදහස් පෙරමුණේ ද සහයෝගය ඇතිව ලබා ගැනීමට අද (22) ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී රැස්වූ එම මන්ත්‍රීකණ්ඩායම් විසින් ඒකමතිකව තීරණය කරන ලදී.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල මහ නගර සභාවට තේරීපත්වූ ජිලිත් නිශාන්ත මහතා නගරාධිපති වරයා වශයෙන් පත්කිරීමටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නගර සභාවට තේරීපත්වූ දේශප්‍රිය ලියනගේ මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් පත්කිරීමටත් මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළේය.
ගාල්ල මහ නගර සභාවේ සභික ධූර සංඛ්‍යාව 35 කි. එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ සභිකයන් සංඛ්‍යාව 14ක් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් සංඛ්‍යාව තිදෙනෙකි. එක්සත් ජාතික නිදහස් පෙරමුණ නාගරික මන්ත්‍රීවරයා ද ඇතුළුව මෙම කණ්ඩායමට නගර සභාවේ සභිකයන් 18 දෙනකු ඇතුලත් වන බැවින් ඔවුන්ට බහුතර බලය හිමිවේ.
හෙට (23) ගාල්ල මහා නගර සභාව පළමු වරට රැස්වීමට නියමිත අතර කිසිදු කණ්ඩායමක් තනි පක්ෂයක් ලෙස බහුතරය දිනාගෙන නොමැති බැවින් හෙට දිනයේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ ඡන්දයෙන් නගරාධිපති හා නියෝජ්‍ය නගරාධිපති තෝරාගැනීමට නියමිතය.
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම විදේශ රැකියා අමාත්‍යාංශයේ දී අද පස්වරුවේ දිවුරුම් දීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්විණි.
ස්වදේශ කටුයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, නගර සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඉතින් ජනතා සේවයක් නොවී ඕක ඇතුලේ හැමදාම වළි දම දමා ඉඳීවි .
අලි වලිගයේ එල්ලෙන්නේ නැතුව වැඩක් කරගන්න බැරි බව යලිත් වතාවක් ගාල්ලෙන් ඔප්පු කර තිබෙනවා. හැබැයි ඉතින් ගමරාළගේ කුඹුරෙන් අහසට නැගපු අලියාගේ වලිගයේ එල්ලිලා දිව්‍යලෝකේ යන්න ගිහින් පස්ස බිම ඇනගත් අය වගේ උනොත්, නටපු තොයිලයකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියල ඡන්ද දායකයෝ නම් කියාවි.
අන්තිමේදී වුනේ මේක නොවේ. කට්ටිය ආප්ප නියාය ක්‍රියාත්මක කරලා...