(එස් .ඩි .කොඩිකාර )
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානයකට සූදානම් බව තරුණ කටයුතු පිළිබඳ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (06) දෙනියාය කොටපොළ දී පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කොස්මෝදර පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය විසින් අසරණ පවුලකට අංග සම්පූර්ණ නිවසක් සාදා එය භාර දීමේ උත්සවයකදීය.මේ අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද එක් විය.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
“අනාගතයට ගැලපෙන විදියට පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අපි සිදු කරන්න ඕන.අපි මේ ගැන ඉදිරි දෙදින තුළ පක්ෂයක් වශයෙන් සාකච්ඡා කරනවා.
අගමැතිතුමාට රජයට විරුද්ධව ගෙනා ඒ විශ්වාසභංගය පරාද කරන්න අපේ ආණ්ඩුවේ පක්ෂ දෙක කටයුතු කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කොටසක් ඒ විශ්වාස භංගයට පක්ෂව කටයුතු කළා .
තමන්ට රජය ගැන විශ්වාසයක් නැත්නම් ඒක තුල සිට රජය වැට්ටවීමට කටයුතු කරන එක සුදුසුද ?
පළාත් පාලන මැතිවරණ වෙලාවෙදි ජනතාව අපිට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා .ඒක අනතුරු ඇඟවීමක් විතරයි . අපි අපේ ගමන හරි ගස්ස ගත්තොත් ඉදිරියට යන්න පුළුවන්.
ජනාධිපතිතුමා, අගමැතිතුමා,කැබිනට් මණ්ඩලයේ සහ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන් ජනතාවට වැඩ කරන්න ඕන.
ඒක තමයි අපි බාර ගත්ත වගකීම . පලවෙනි අවුරුදු තුනේ අපි මහන්සි වුණා වැඩපිළිවෙළක් හදන්න. දැන් ඒක ක්‍රියාත්මක කරන කාලයයි. එහෙම නොකලොත් ඊළඟ මැතිවරණයේදී ජනතාව අපිව ෆේල් කරාවි යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.“
COMMENTS
රටේ ජනතාව ගැන ඔබතුමාලා හිතනවා කියන එක බොරු .
ප්‍රතිසංවිධානය කරන්න තියෙන එකම විදිහ ඔයාලා කට්ටියම මොන්ටිසෝරි යවලා එතන ඉඳන් පටන් අරන් අධ්‍යාපනයක් දීලා පාර්ලිමේන්තුවට ගන්න එක...
"අද නෙමේ හෙට" බොරු කතා එපා කෙරන දෙයක් කියනවා...
එජාපයට ඇතිවුණු ජනතා අප්‍රසාදයට ඔහේත් හේතුවක්... පොලීසිය භාරව ඉඳලා ගිය ආණ්ඩුවේ එක හොරෙක් අල්ලගන්න බැරිවුණා.
රටේ ජනතාවට බදු වැඩිකර ආණ්ඩුවද දිනන්න ලෑස්ති වෙන්නේ? මිනිස්සු ඡන්දෙ දේවිද?
කව්රු මොනවා කෙසේ කිව්වත් උගත්, බුද්ධිමත් නායකයකු වන රනිල්ගේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයට හා සමානව මුළු ලංකාවටම අතිශයින්ම වැදගත්ය. විශ්වාස භංගය දිනීමෙන් පසු දැන් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ රනිල්ගේ නායකත්වය ශක්තිමත් කිරීමය. රනිල්ගේ දුරදක්නා නුවණ සහ දේශපාලන අත්දැකීම්වලින් රටට වැඩක් කර යුතුව ඇත. නූතන ලංකාවේ තිබෙන කිසිම දේසපාලන පක්ෂයට නොමැති උගත් බුද්ධිමත් වටිනා නායකයකු එක්සත් ජාතික පක්ෂයට සිටින්නේය. ඔහු ආරක්ෂා කර ගැනීම සියලු එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ මෙන්ම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමකි. ඔහුට බනින්නේ සහ නායකත්වයෙන් එළවීමට උත්සහ කරන සියලුදෙනා දැන හෝ නොදැන කරනු ලබන මේ මෝඩ ක්‍රියාව වහා නවතා දැමිය යුතුය. එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරු සියලු දෙනාම එක්සත් යන නමට මුල්තැනදී කටයුතු කිරීම මින් ඉදිරියට කල යුතුය. කතා කලයුතුදේ ඇතුලේ කතා කරනවා මිස එළියට පැමිණ කිව යුතු නැත. ලංකාව ලොව ප්‍රබල දියුණු රටක් කිරීමට එතුමා දරන උත්සාහයට ශක්තියක් සහ අත්වැලක් වීම ඔබගේ යුතුකමකි, වගකීමකි.
එල්.ජී.බී.ටී. කමියුනිටි එක ස්ථාපිත කරන එක තමයි මෙතුමා මේ කියනවා ඇත්තේ..
ජනතාව දැනටමත් මේ රජය ෆේල් කරලයි තියෙන්නේ.
පළවෙනි අවුරුදු තුනේ අපි මහන්සි වුණා වැඩපිළිවෙළක් හදන්නලු හලෝ... 62 ලක්ෂයක් කොටළුවන්ට නම් ඕවා කනපිනවන බව ඇත්ත. අපට නම් ඔබලාගේ නොහැකියාව පෙන්නුම් කිරීමක්...
ලංකාවේ සිටින උගත් බුද්ධිමත් බහුතර ජනතාව ජීවත්වන්නේ 21 වන සත වර්ෂයේය. රනිල් යන නායකයාට තම පූර්ණ ශක්තිය යොදවා රට පාලනය කිරීමට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයවේ. වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් දින්න ලද ජනාධිපතිවරයෙක් මෙයට දායක වේ. පසුගිය වකවානු වලදී රනිල් අගමැති වූයේ පූර්ණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරු යටතේය. රනිල් යනු එක එක පුද්ගලයින් කෝටිපතියන් කරන, එක් එක්කෙනා නලවන, එක් එක් කෙනාගේ ප්ලෑන්වලට වැඩකරන නයකයකු නොවේ. ඔහු වැඩ කරන්නේ මුළු රටේම සමස්ත ජනතව සහ රට ගැන සිතාය. ජාති, කුලමල ආගම් කිසිසේත්ම එතුමාට වැඩක් නැත. රටේ ඉපදුණු සහ ජීවත්වන සියලු දෙනාම ශ්‍රී ලංකිකයන් හැටියට සලකන නායකයෙකි. ලංකාවේ සිටින බොහෝ දේශපාලකයින්ට නොතිබෙන රට සංවර්ධනය කරන දර්ශනයක් එතුමාට තිබේ. බොහෝ දේශපාලකයින් මෙන් එතුමා රටේ ජනතාව අන්දවන්නේ නැත. රනිල් එළවීමට උත්සාහ කරන සියලුම දේශපාලකයින් කරන්නේ ලංකාවේ මිනිසුන් මුලාකර මෝඩයන් කර බොරුබියක් ඇති කිරීම පමණි. බමුණන් තවම ජීවත්වන්නේ පැරණි බමුණු යුගවලයි. ඔවුන්ට දියුණුව යනු මහා විනාශයකි. බමුණු මතවලින් එලියට පැමිණ ලෝකය දෙස බැලීමට බමුණන්ට පමණක් නොව බමුණු අදහස් වල සිටින සියලු දෙනාට ආරාධනා කරමි.
ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්. පසුපෙළ මන්ත්‍රීන්ට එය වඩාත් වැදගත් වේවි. බුද්ධික පතිරණ වැනි අයටද සාධාරණයක් විය යුතුමයි. මෙයින් පසු පක්ෂයේ සමගිය ඇතිවේවි. ඊළඟ ඡන්දයේදී තරඟය තියෙන්නේ අලියාත්, පොහොට්ටුවත් අතරයි. විශ්වාස බංගය නිසා ශ්‍රීලනිපයේ දෙබිඩි පිළිවෙත ප්‍රදර්ශනය වුණා. එය නායක සිරිසේන මහතාගේ කණ්ඩායමේ ඡන්ද ප්‍රතිශතය අඩුවීම කෙරෙහි බලපාන්න පුළුවන්. එබැවින් කිසිඳු විශ්වාසයක් තබන්න බැරි පිරිසක් සමග වැඩකොට සාර්ථක වීම ඉතා අසීරු කටයුත්තක් වේවි. එජාප කණ්ඩායම මහන්සි වී අදින වතුර ටික ශ්‍රීලනිප කණ්ඩායම හිතේ හැටියට නා ගනීවි. පසුව පෙර විදිහටම කලගුණ සලකාවි. අවාසනාවකට හෝ පෙරසේම එසේ සිදුවුවහොත්, එම තත්වය එජාපයට තදින්ම බලපාවි.