( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
එයට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයේ කැමැත්ත ලැබී ඇති බවත් හෙතෙම කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ , කිසිදු බෙදීමක් නැති බවත්, බහුතරයගේ කැමැත්ත වී ඇත්තේ අලියා ලකුණින් තරගකිරීම නිසා පාර්ලිමේන්තුව විසිරුවූ සැණින් අලියා ලකුණින් නාම යෝජනා බාරදීමට, නාම යෝජනා මණ්ඩලද මේ වන සූදානමින් පසුවන බවත් රවි කරුණානායක මහතා සඳහන් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ විශේෂ රැස්වීමකදී හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.

( ඡායාරූප හා වීඩීයෝ -රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රවී..., අලියා හරි, බූරුවා හරි, ගොනා හරි ඉක්මණට ලකුණක් දාගන්න ඔයාලා හැමදාම පරක්කුයිනේ...
පිළුණුවුණු බත් අලි කෑවට මිනිස්සු කන්නේ නැහැ. හොඳින් මතක තියාගන්න එක හොඳයි. මෙදාපාර පිටිපස්ස බිම උලාගෙන ඉන්න වේවි...!!!
ඔය මොකෙන් ආවත් රනිල්, රවී, රිෂාඩ්.. ඉන්න පක්ෂයකට අපි ඡන්දේ දෙන්නේ නැහැ..!
තනියෙන් ඉල්ලලා සියයට 1ක් වත් අලියට ලැබෙන්නේ නැහැ. ඩීල් ඔබලා දේශපාලනයෙන් අතුගාලාම දාවි...
ඔබට, මට තියෙන එකම ගැලවුම අලියාගෙන්, ඉදිරිපත් වෙලා ආණ්ඩුවට හේත්තු වුනේ නැත්නම් මහගෙදර උළු ගණන් කරන්න වේවි... ලොක්කාටත් ඒක තමයි.
මොන සලකුණින් මොන පක්ෂයෙන් ආවත් හොරුන්ට, වංචනිකයින්ට ඡන්දය නොදීමට තීරණය කළෙමි..
අහෝ, හදවත, හංසයා ....
එක්සත් රනිල් පෙරමුණ... දැන් ඉතුරු වෙලා ඉන්නේ හොරු සහ ඩීල්කාරයින් විතරයි.
පොහොට්ටුවට ජය නියතයි 2/3ක බලයට...
අලියා ලකුණට වඩා මහබැංකු ලකුණ ගැලපෙනවා.
තමන්ගේ පක්ෂයේ තිබෙන ප්‍රශ්න ටිකවත් හරියට විසඳාගන්න බැරුව ඉන්න පිරිසක් රටේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙන එක ගැටළුවක් නොවෙයිද? පොඩ්ඩක් හිතලා බලන්න.
අලියත් එක්ක.. වනගත වෙන්න තමයි වෙන්නේ..!
ඕවා ප්‍රශ්නද හලෝ...? විපක්ෂයක් විදියට ඔහෙලාට කතා කරන්න දේවල් නැතිද?
මොන ලකුණෙන් ආවත් මම බැංකු හොරුන්ට ඡන්දෙ නොදෙමි... හරිනම් බැංකු හොරු ඉන්න ඕනේ හිරේ...