IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘එජාපයෙන් සුළු ජාතීන් ඈත් වෙනවා‘

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මේ රටේ සුළු ජාතීන්ට වැඩිම වැඩ කොටසක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය සුළු ජාතීන් අමතක කරමින් කටයුතු කිරීම නිසා තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව  ඒ මහතා කියයි.

අද (06) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කිය.

“අද එ.ජා.ප.යේ සිටින සමහර ප්‍රධාන අමාත්‍යවරුන් හා ඇතැම් ප්‍රධානීන් සුළු ජාතීන්ගේ අවශ්‍යතා ගැන හෝ සුළු ජාතීන් නියෝජනය කරන අමාත්‍යවරු ගැන උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ අත්දැකීම මට මගේ අමාත්‍යාංශය තුළම තිබෙනවා. එම නිසා මෙම ක්‍රියාව සුළු ජාතීන් එ.ජා.ප.යෙන් ඈත්වී සුළු ජාතීන්ගේ සහාය එ.ජා.ප.යෙන් දුරස්වන බවකුයි මට හැගී යන්නේ.“

“චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනි ලෙස පත්වීමෙන් පසු කඳුකර ජනතාව වෙනුවෙන් වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයක් නිර්මාණය කළා. ඉන් සුළු ජාතීන්ගේ සංවර්ධන කටයුතු රැසක් කිරීමට හැකි වුණා. අනතුරුව බලයට පත්වුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ පළමු ධුර කාලයේදී සුළු ජාතීන්ගේ දියුණුව සදහා වැඩිපුර මුදල් ලබා දුන්නා. නමුත් එතුමාගේ දෙවන කාලයේදී සුළු ජාතීන් ගැන වැඩි උනන්දුවක් තිබුණේ නෑ.සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න නොහැකි වුණා. ඒ හේතුව නිසා පසුගිය  මැතිවරණයේදී එතුමා පරාජය වුණා.“



අදහස් (6)

‘එජාපයෙන් සුළු ජාතීන් ඈත් වෙනවා‘

hira Tuesday, 06 June 2017 11:23 AM

දැන් සුළු ජාතිය තමයි සිංහල. සිංහලය ගැන බලන්න කවුරුත් නැහැ.

:       0       12

lalith Tuesday, 06 June 2017 02:53 PM

ඔය වචනේ දැන්වත් නවත්තගන්න. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක සුළු ජාතින් නැහැ. හැමෝම ශ්‍රී ලාංකිකයෝ. සුළුජාතීන්ට කියල අඩුවෙන් හෝ වැඩියෙන් බෙදිල්ලකුත් නැහැ. ඒකනිසා අපි සුළු ජාතින් කියල වැඩියෙන් ඉල්ලුවට ලැබෙන්නෙත් නැහැ. සුළු ජාතීන්ට කියල වෙනම පරිපාලනයක් ලැබෙන්නෙත් නැහැ.

:       0       1

siri Tuesday, 06 June 2017 07:21 PM

මහින්ද මහත්තය සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා කියන එක විහිළුවක්. එතුමා මුළු රටේම ආරක්ෂාව තහවුරු කළා.

:       1       50

nimalrajapaksha Wednesday, 07 June 2017 12:29 AM

මේ දෙගොල්ලම කලේ සුළු ජාතිය හැමදාම වතුකරයටම හිරකරලා, රවටපු එකනේ ,සමහර දමිල නායකයනුත් මේවට වග කියන්න ඕන ,මමත් වතුකරයේ දේශපාලනය කල කෙනෙක් හැටියට හොද අවබෝධයක් තියනවා, අපේ ආර්ථිකයට, විශාල දායකත්වයක් සපයන දමිල ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැරි වීම ගැන අප කණගාටු වෙන්න ඕන .

:       8       0

pubudu Wednesday, 07 June 2017 01:44 AM

ආපහු කරණමක් ලගයි වගේ ....

:       3       26

රුවන් Wednesday, 07 June 2017 02:59 AM

සුළු ජාතී විතරක් නෙවෙයි. මහ ජාතියත් ඈත්වෙමින් තියෙන්නේ

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 782 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site