IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


එච්.අයි.වී ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තු

ජාන සංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ පණ තිබෙන සතුන්ට වැළැඳී ඇති එච්.අයි.වී ආසාදිත තත්ත්වය සුව කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. 

සැඟවී යාමට ඇති හැකියාව නිසා වයිරසය අල්ලා ගත නොහැකි බව පෙන්වාදෙන විද්‍යාඥයන් මෑතකදී කරන ලද අධ්‍යයනයකදි නැවැත ආසාදිත තත්ත්වයක් ඇති නොවන පරිදි මනුෂ්‍ය සෛල රෝපණය කළ මීයන්ගෙන් එච්.අයි.වී  ඩී.එන්.ඒ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හැකි වූ බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. 

මේ ආකාරයෙන් සතුන්ගෙන් එච්.අයි.වී වයිරසය ඉවත් කළ පළමු අවස්ථාව මෙය බවත් ඉදිරියේදි මිනිසුන් යොදාගනිමින් සායනික පර්යේෂණ කරන බව මෙම අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයෝ පවසති. 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙම්පල් විශ්ව විද්‍යාලයේ ලුවිස් කැට්ස් වෛද්‍ය ආයතනය සහ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් එක්ව මෙම අධ්‍යයනය සිදු කර තිබේ. 

මානව ප්‍රතිශක්ති කරන සෛල මීයන් තුළ රෝපණය කරමින් මිනිසුන්ට සමාන ආකෘතියක් නිර්මාණය කරමින් විද්‍යාඥයන් පිරිසක් එම අධ්‍යයනය කර ඇති අතර එහිදි මීයන් තුළ එච්.අයි.වී වයිරසය ව්‍යාප්ත කර ඇත. 
ටෙම්පල් විශ්ව විද්‍යාලයේ ලුවිස් කැට්ස් වෛද්‍ය ආයතනය ආචාර්ය වෙන්හුයි හූ විසින් මෙම අධ්‍යයනය මෙහෙයවනු ලැබ තිබේ. 

“අපේ මේ නව අධ්‍යයනය වඩාත් පුළුල් අධ්‍යයනක්. අපි අපේ කලින් අධ්‍යයනයේ දත්ත සනාථ කළා. අපි අපේ ජාන සංස්කරණ උපායමාර්ගය තවත් කාර්යක්ෂම කළා. අපේ උපායමාර්ගය අමතර මීයන් දෙදෙනකු ද යොදාගනිමින් සනාථ කළා. එකක් මීයන්ගේ සෛලවලින් පමණක්. අනෙක් මිනිස් සෛල රෝපණය කළ මීයන්. ඒ පරීක්ෂණ දෙකම සාර්ථක වුණා” යැයි ආචාර්ය වෙන්හුයි හූ පැවැසීය.

විද්‍යාඥ කණ්ඩායම මීයන් කණ්ඩායම් තුනක් යොදාගනිමින් මෙම අධ්‍යයනය කර තිබේ. එච්.අයි.වී - 1 ආසාදිත මීයන්, මිනිසුන්ට බෙහෙවින් සමාන මීයන් යොදාගනිමින් මානව එච්.අයි.වී - 1 ආසාදිත මීයන් සහ මානව සෛල රෝපණය කරන ලද මීයන් යන මීයන් කණ්ඩායම් තුන එසේ යොදාගත් මීයන් කණ්ඩායම් තුනය. 
 
 (ඬේලිමේල් ඇසුරිනි-හර්ෂණ තුෂාර සිල්වා.)



අදහස් (3)

එච්.අයි.වී ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තු

ජයරත්න Wednesday, 03 May 2017 11:43 AM

ලෝක යුද්ධ කරන්න දරන වියදම විද්‍යාවට යෙදෙව්වා නම් තව රෝග කොපමණ සුව කල හැකිද?

:       0       45

රජින්ද Wednesday, 03 May 2017 12:09 PM

ඔයහැම ලෙඩකට වගේම හැකි ඉක්මණින් පිළිකාව නසන ක්‍රමයත් සොයා ගැනීමට ලැබේවා..!!

:       0       64

රිතික් Friday, 05 May 2017 05:07 AM

පිළිකාව වගේද ..... දැන් තහනම් ගහේ ගෙඩිනෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site