(රංජන් කස්තුරි)
එච්.අයි.වී. සහ සිපිලිස් යන රෝග, මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
මෙම වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඊට අදාළ තත්වකරණ සහතිකය ලබාදීමට නියමිත බවද එම කාර්යාංශය පවසයි.
ඒ අනුව දකුණු නැගෙනහිර ආසියා කලාපයේ මෙම සහතිකය ලබාගන්නා තුන්වන රට බවට ශ්‍රී ලංකාව පත්වන බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව පුරා ශක්තිමත් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවක් ව්‍යාප්තව තිබෙන හෙයින් සෑම ගර්භණී මවකටම තම ගම් ප්‍රදේශයේ සායනයට සහභාගී වී එච්.අයි.වී. සහ සිපිලිස් යන රෝග සඳහා සියලු මූලික සේවා ලබාගත හැකි අතර, පරීක්ෂණ ද නොමිලයේ සිදුකර ගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොපෙනන විෂ බීජවලින්නම් මවත් දරුවත් බේරගත්තා කියමුකෝ. අහෝ අර අමනුෂ්‍ය අන්තවාදී විෂ බීජය කළ හදියක් සහ ඔහු කරගත් පාප කර්මයක්
ඔය කියන ලෙඩ තියෙන්නේ දියවන්නාවේ තියෙන සත්ව උද්‍යානයේ ඉන්න නරි 225දෙනාටයි. රටේ අනිත් අයට ඔයවගේ ලෙඩ නැහැ...
තව ටික දවසකින් මවගෙන් දරුවට බෝවෙන සියලු රෝග තුරන්කළ රටක් වෙනවා
සියලු විසබීජ අතුරු ආන්තරාවලින් බේරී නිරෝගී දරුවෙකු ලෙස මෙලොව එලිය දකින්න වාසනාවන්තයි. ඒත් විසබීජ අතුරු ආන්තරා වලින් පිරිනු ජරාජීර්න පාලනයක් තියෙන රටක ජීවත්වීමට වීම අවාසනාවන්තයි.
කාලීනව සංවාදයක් ගොඩනගන්න බැරි අපට දියුණුව ගැන හිතන්න බැහැ නේද?
දේශපාලකයින් නිසා ලංකාව මොන තරම් අවූල් උනත් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතාම වටිනා කාර්යභාරයක් කරනවා. අස්සක් මුල්ලක් නෑර ගම් නියම් ගම්වල දහදුක් විදිමින් දෙවිවරු මෙන් මේ රටේ අහිංසක මිනිසුන් ජීවත් කරන්න තම ජීවිත හා සුප පහසුව කැපකරන වෛද්‍යවරු වැඩ ඉන්නවා ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවිකාවන් හා හෙදියන් ද ආදරයෙන් මතක් කල යුතුයි. ඔබගේ සේවය ලංකාව වැනි සෑම අතින්ම දුක් විදින රටක් බවට දේශපාලකයන් සිටින රටක ජීවත් වන ජනතාවට මහත් අස්වැසිල්ලක්. මේ රට සෞඛ්‍ය අතින් ලොව බබලවන්නට ඔබ සැමට සියළු ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
අහ්හ් වැඩිය හිතන්න එපා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයට මුල්‍ය ආධාර දෙන බහු ජාතික ඖෂධ සමාගම් මේ සහතිකය අවලංගු වෙන තැනට ගානට වැඩ සිද්ධ කරයි. ඉතා මෑතකදී ඇමරිකාවේ එක ඖෂධ සමාගමක් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා තිබුනා ගුවාතමාලාවෙන් සිපිලිස් හෝ ගොනොරියා රෝගයට නිපදවූ බෙහෙතක සාර්ථකභාවය පරික්ෂා කරන්නට එම රටෙන් 400ක් බලෙන් එම රෝගයට ගොදුරු කරවීමක් සම්බන්ධයෙන්. ඉතා අප්‍රසිද්ධියේ සිදු කල ඒ සමාව ගැනීමේ හොදම විහිලුව තමයි එම ක්‍රියාව කර තිබුනේ එක්දාස් නමසිය පනස් ගණන් වල වීම. සමාව ඉල්ලන කාලය වෙද්දී වසර 50ත වඩා ගත වී තිබුනා. ඒ 400න් තව කී දෙනෙකුට රෝගය වැළදෙන්නට ඇතිද ? අපේ හෙළ වෙදකම වගේ මානුෂික නැහැ. ඒ නිසා අපි ගොඩක් විමසිල්ලෙන් ඉන්න ඕන ඒ වගේ පිළිගැනීමක් අපි වගේ පොඩි රටකට ලැබුනම. දන්නවනේ ආයෙමත් අපිට මැලේරියාව බෝ වෙලා කියලා සැකයක් තියෙනවා ඉන්දියානු හෝ අප්‍රිකානු මගියෙක් රැගෙන ආවා කියලා