IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


එක්සත් ජනපද දුත මණ්ඩලයේ 775 කට පිටව යන්නැයි පුටින් ‍නියෝග කරයි

මොස්කව්හිදීය/වොෂින්ටන්හිදීය (රොයිටර්/ඒ.එෆ්.පී)
 
රුසියාවේ සිටින එක්සත් ජනපද දූත මණ්ඩලයේ 775 දෙනකුට එරටින් පිටව යන්නැයි ජනාධිපති වැලැදිමීර් පුටින් නියෝග කර තිබේ.
 
ඇමෙරිකාව රුසියාවට සම්බාධක පැනවීමට ගත් තීරණයට එකට එක කිරීමක් ලෙස රුසියානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.  
 
ජනාධිපති වැලැදිමීර් පුටින්ගේ එම තීරණයට අනුව රුසියාවේ සිටින ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 775 දෙනකු සැප්තැම්බර් 1 වැනි දා වනවිට රුසියාවේ පිටත්ව යා යුතුය. එසේ නිලධාරීන් 775 දෙනකු ඉවත්ව යෑමත් සමඟ රුසියාවේ ඉතිරිවන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ප්‍රමාණය 455 ක් වනු ඇත. 
 
මෙම සිදුවීම නූතන ඉතිහාසයේදී රටක් එරට සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්  මෙතරම් සංඛ්‍යාවක් නෙරපූ පළමු අවස්ථාව ලෙස සටහන් වනු ඇත. තමාට තවදුරටත් පියවර ගැනීමට අවශ්‍ය නොවූ බවත් දෙරට අතරේ තිබෙන සබඳතා නොවෙනස්වනු ඇති බවත් තීරණය දැනුම් දෙමින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
 
රුසියාවට සම්බාධක පනවමින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට අත්සන් තැබීමට නියමිතය. 
 
 
(055)
 



අදහස් (20)

එක්සත් ජනපද දුත මණ්ඩලයේ 775 කට පිටව යන්නැයි පුටින් ‍නියෝග කරයි

susantha Monday, 31 July 2017 07:36 AM

රුකඩයක් නොවන නියම නායකයෙක්!

:       155       1297

nandaMonday, 31 July 2017 08:41 AM

අනේ කුඹියනේ අපටත් රජෙක් නැතුව.... ඉන්නේ..

:       26       379

Senarath Monday, 31 July 2017 08:20 AM

මෙන්න නියම නායකයෝ. ගොර්බචොප් නමැති ඇමරිකානු රූකඩය පුද්ගලයා රුසියාව බින්දුවටම වැට්ටුවා. එ්ත් මේ අසහාය නායකයා නැවත රුසියාව නගා සිටුවා. එ්කට පිට ඉන්න නායකයෝ ගෝර්බචෝප්ටත් එහානේ...

:       38       617

jayantha Monday, 31 July 2017 08:21 AM

මෙන්න නායකයෝ. මම පුදුම ගෞරවයක් තියෙන එකම නායකයා මෙතුමා විතරයි...

:       44       375

Rosheen Monday, 31 July 2017 09:17 AM

පුටින් නායකයෙක් තමයි. නමුත් ඔය පෙන්වන තරම් වැඩ්ඩෙක් නෙවෙයි. රුසියාවට ගියපු පයගහපු අය දන්නවා එයාගෙ පාලනය යටතෙත් ආර්ථිකය ගැනත්. පිටට පෙන්නන්නේ එකක්. ඇතුලේ තව එකක් ඕවා ඇස් වලින්ම දැකලා තියනවා.

:       656       57

NissankaMonday, 31 July 2017 09:55 AM

මමත් රුසියාවට ගිහින් තියෙනවා... මිනිස්සු කැමති පුටින්ට...

:       1       281

rosheenMonday, 31 July 2017 11:33 AM

එහෙනම් මහත්තයා දන්නවා බොහෝ දේවල්. ආර්ථික කචල්, මන්ඩලේ කචල් දැකලා ඇතිනේ.. පෙර සෝවියට් රටවල් වලට දාන අදිසි හස්ථය දැකලා ඇතිනේ විරුද්ධ වාදීන්ට, චෙච්නියානුවන්ට සලකපු ආකාරය දැකලා ඇතිනේ... ඒකාධිපති වැඩ දැකලා ඇතිනේ...

:       403       1

KevinWednesday, 02 August 2017 02:34 AM

පුටින්ගේ වැරදි ඇති. පොඩි ස්ටාලින් කෙනෙක් කියල තමයි කියන්නේ. නමුත් අද එහෙ චන්දයක් තිබ්බත් ඔහු දිනනවා.

:       0       1

bamunu Thursday, 03 August 2017 12:21 PM

මේ වගේ ස්ටාලින්ලා 100ක් විතර ලෝකෙට වුවමනායි.

:       0       0

Mahee Monday, 31 July 2017 10:17 AM

කොන්දක් තිබෙන පුටින් ජනාධිපතිතුමාට ජය වේවා. නිවට නියාලු නායකයන් පාඩමක් උගනීවා.!!!

:       0       276

kamal Monday, 31 July 2017 10:31 AM

පුටින් මහතාට පක්ෂව යුක්රේන් ජාතිකයන් ඉතාලියේ උද්ඝෝෂණය කරනවා.

:       2       86

ravin Monday, 31 July 2017 10:44 AM

ඇමරිකාවත් කාගෙන් හරි ඉගෙනගන්න ඕනේ. හිතාගෙන ඉන්නේ ලෝකෙම ඇමරිකාව ගහන පදේට නටයි කියලා.

:       10       355

ලුම්බිණි Monday, 31 July 2017 10:47 AM

තමන්ගේ විරුද්ධ වාදීන්ට ඉඩ නොදෙන තාක් කල් බොහෝ නායකයන් වීරයන් වෙලා ඉන්නවා.

:       0       28

sampath sujeewa alwis Monday, 31 July 2017 12:18 PM

මෙවැනි නායකයෙක් දැන් ලංකාවටත් හිටියා නම් මරු... සෝවියට් දේශය නැවත ගොඩනගා ගන්න පුටින්ට වාසනාව ලැබේවා...!!!

:       20       138

victor Monday, 31 July 2017 06:47 PM

රෝශීන් මහතාණනි ඔබ කතා කරන්නේ දන්නා දෙයට වඩා නොදන්නා දේ ගැනයි .පුටින් මහතා ඇමරිකානු තානාපති නිලදාරීන් 755 දෙනකු රුසියාවෙන් පිටකිරීමට හේතු දෙකක් මුල් උනා .1. ඇමරිකාවේ හිටපු ජනාදිපති බරක් ඔබාමා ඇමරිකාවේ සිටි රුසියානු තානාපති නිලදාරීන් 35 දෙනකු මිට මාස6 පෙර අමෙරිකාවෙන් නෙරපා හැරීමට පිළිතුරු දීමක් . 2. රුසියාව යුරෝපයට නල මගින් පරිසර ගෑස් බෝල්ටික් මුහුනද හරහා සැපයීමේ 2 වැනි පියවරට ඇමරිකාව මගින් තහංචි පනවා ඇමෙරිකාවේ ගෑස් යුරෝපයට ගන්න ලෙසට බල කිරීමයි. රුසියාවේ බලසක්ති ව්‍යාපාර වලට සම්බන්ද වන ඕනෑම රටකට තහංචි පනවන බව මේ ඇමෙරිකානු ලේකනයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ ආර්ථික කටයුතු කලයුත්තේ ඇමෙරිකාවට ඕන විදියටයි ඔවූන් නියෝග පැනවීමට විරෝදය පෑමක් ලෙසයි. පුටින් සහ රුසියාව ඇමරිකාවේ සහ නේටෝ සංවිදානයේ චන්ඩිකම් ගණන් ගන්නේ නැහැ .අනෙක් කරුණ ඔබ රුසියාව ගැන පලකල අදහස් ගැනයි. ලෝක ජනගහනයෙන් 4% ක් සිටින්නේ රුසියාවෙයි . එහෙත් ලෝකයේ සම්පත් වලින් 40% තිබෙන්නේ රුසියාවෙයි .රුසියාවේ මිනිසුන් ගත කරන්නේ සැපවත් ජිවිත. ලෝකයේ කිසිම රටක නැති පහසුකම් රුසියානු රජය ජනතාවට ලබා දී තිබෙනවා .

:       0       3

victor Monday, 31 July 2017 06:54 PM

ඇමරිකාවටත් බටහිර රටවලටත් අවශ්ය වී තිබෙන්නේ රුසියාවේ පරිසර සම්පත් ටික කොහොමහරි කොල්ල කා ගැනීමටයි. රුසියාව ගැන දැන ගත යුත්තේ බි බි සි යෙන් සහ සි එන් එන් එකෙන් එන තොරතුරු හරහා නොව රුසියාව මැදින් දෙන තොරතුරු අනුවයි.

:       0       1

victor Monday, 31 July 2017 06:54 PM

ඇමරිකාවටත් බටහිර රටවලටත් අවශ්‍ය වී තිබෙන්නේ රුසියාවේ පරිසර සම්පත් ටික කොහොමහරි කොල්ල කා ගැනීමටයි. රුසියාව ගැන දැන ගත යුත්තේ බි බි සි යෙන් සහ සි එන් එන් එකෙන් එන තොරතුරු හරහා නොව රුසියාව මැදින් දෙන තොරතුරු අනුවයි.

:       0       2

sheela Tuesday, 01 August 2017 05:25 AM

කොමියුනිස්ට් වාදයේ තියන නරකම පැත්ත තම ඒකාධිපතිවාදේ. බලන්න ස්ටාර්ලින්,මාවෝ,උතුරුකොරියාවේ පවුලම,කියුබාවෙත් ඕකමයි. කොමියුනිස්ට්වාදේ අනික් නරකම දේ තමයි උග්‍ර නිලදාරිවාදයට විරුද්ද ප්‍රතිපත්ති දැරුවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී ටත් වඩා නිලදාරිවාදය නැගිටින්න පුළුවන්. ගොර්බචෝප්ට කරන්න දෙයක් නැති තැන සෝවියට් දේශය කඩල දැම්මේ උග්‍ර ආර්ථික ප්‍රශ්න නිසා. නමුත් නරකම මිනිහා ගොර්බචොප් නොවේ යෙල්ට්සින්. යෙල්ට්සින්ගේ පාලන කාලේදී මිනිස්සු සුපර්මර්කට් මංකොල්ල කැවා. කුණු බක්කිවලින් කැවා. පුටිනුත් ඒකාධිපතියෙක්. එත් රුසියාව ඔය තත්වෙන් හරි ගෙනියන එක ගැන සතුටුයි. රුසියාවේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආදායම චිනේ කම්කරුවෙක්ට වඩා අඩුයි. හැමෝම බලන්නේ බලය තරකරගන්න. සිරියාව ගිනිගන්නේ මේ රටවල් දෙකම හින්දනේ. ඇමරිකාවයි රුසියාවයි යුද විකුනනවා දෙපැත්තට. ගොන්නු මරාගන්නවා. ලෝකේ ලොකුම යුද වෙළෙන්දෝ දෙන්න ඇමරිකාවයි රුසියාවයිනේ....

:       1       0

bamunu Thursday, 03 August 2017 12:23 PM

දන්නා දෙයක් කතා කරන්න හලෝ ....

:       0       0

රූපසිංහ Tuesday, 01 August 2017 11:52 AM

පුටින් නියම නායකයෙක් බවට මින් පැහැදිලියි:

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 18 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 14 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


නව පාප්තුමාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්
2025 මැයි මස 09 11 0

පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල්​ රොබට


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4390 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 3215 1

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


චීන ජනාධිපති රුසියාවේ සංචාරයක
2025 මැයි මස 08 166 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1258 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 324 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site